Friday, August 5, 2011

අනේ මන්දා....

මම මාද නොවන එක මොහොතක
නුඹ මගෙන් පැහැර ගෙන ගිය ආදරය
සොයා
හතිවැටුනි...
තවත් ඉකිලන්න
කඳුලු නැති තැන
මම මටම
සිනහවෙන එක් නිමේෂයක
පාලු අඳුරු මුල්ලක
අවසන් ගමන් යන
හදවත
දුටිමි...