Friday, April 29, 2011

නුඹයි

ස්වප්නයක් දෝ
දෑස් නොහැර තදින් පියාගමි
නුඹේ උණුසුම ගිලිහී යන
ඒ නිමේෂය මෙය නොවන්නට..
මගේ නලලත පිස හැමු
ඒ ලෙංගතු ස්නේහයට.,
තුරුල් වෙමි තව තවත්
දෑස් හරින
ක්ෂනයකින්
අතුරුදහන් වී නොයන්නට
ඒ ස්නේහය..
නුඹේ දෑතින් පිරිමදින
මගේ කෙහෙරැලි
අවනත නැතුවා වගේ මටද..
වචනයට බර මදි
නු‍ඹේ ආදරය
දෙතොලින් විදගන්න මට දෙන්න
ඒ උණුසුම..
ඒ සෙනෙහස..
ඒ ආදරය..
නුඹ .,
මටම මගේම නිසාවෙන්
ඉතින් හැරයන්න සුළග.,
නුඹටවත් ඉඩක් නැත
මේ අවකාෂයම මාගේය..

Monday, April 25, 2011

තුත්තිරි මල

මා යනෙන මග
පිපී තිබුනා නුඹ
අතීතයේ
එක් සැදෑ වරුවක..
මා ඇවිද ගිය මාවත්වල
නුඹ බලා  ඉන්නවා දුටිමි
මා පා ගැටෙනා හඩ..
ජීවිතයේ එක් හුදකලාවක.,
මලකඩ කෑ මගේ ආත්මය තුලින්
දුටිවෙමි.,
නුඹවම
නුපුරුදු දෑසින්..
නුඹේ විලාප නගන ආත්මයේ
දෝංකාරය විසින් බිද දැමූ
මගේ හදේ දොරගුලු
පාගා දමා නැගිටියද.,
සම්මත රාමුව තුල
නුඹව කොටුකර ගත නොහැකිව
අසම්මතයට ඉකිබිදින මගේ කදුලට
සිනාසෙන නුඹ.,
රාගාග්ගින්න තුල
තව තවත්
අකමැත්තෙන් උවද ඇමිනෙන
නුඹ.,
නුඹයි මගේම
තුත්තිරි මල.....

පාපොච්චාරනය....

මම නැහැ කියන්නෑ
බලාපොරොත්තුවක් වුණා මම ඔයාට
මට නැහැ කියන්න බැරිකමක් නෑ
ඒත් මගෙ හිත දන්නවා
මම ඔයාට බලාපොරොත්තු දුන්නා
මම දන්නවා.,
මම ඔයාගෙ ඡීවිතේට ඇතුල් උනා
බලෙන්ම ආවද කියලා දන්නෑ
ඒත්.,
මම ඔයාගෙ ඡීවිතේ උනා
මම නැහැ කියන්නෑ
සමහර වෙලාවට.,
මම ඔයාට ආදරේ හිතුනා
හැමතිසිසෙම නෙමේ
සමහර වෙලාවට..
මට ඔයාව නැතිකර ගන්න බෑ
මට එහෙම හිතනවා.
නෑ.,
මම එහෙම හිතුවා..
ඒත් දැන් ඇවිත් වෙලාව
මට පාපොච්චාරනය කරන්න
මගේ පව් ස‍මාකරගන්න
මට බනින්න
ඔයාට ඇතිතරම්..
ඕනෙනම් ගහන්න..
මට තරහවෙන්න බෑ ඔයාත් එක්ක
ඒත්.,
මට යන්න වෙනවා
මට යන්න වෙනවා ඇය ලගට
ඔයා පුංචි හුස්මක් උනාට
මොහොතකට.,
ඇයයි මගේ ඡීවිතයම
මගේ ආත්මයම..

Friday, April 22, 2011

අවසන් ප්රේමය

මට කෑ ගහල කියන්න ඕනෙ
ඔයාගෙයි මගෙයි ප්රේමය ගැන..
අහම්බෙන් අපි හමුවුන හැටි..
මට ලංවෙලා ආදරේ කියපු හැටි..
අපි අපි ගැන කතා කරපු හැටි..
අපිටම කියලා පුංචි අනාගතයක් මවපු හැටි..
පුංචි හුරතල් කෙලිපැටියෙක්.,
ඇස් නම් තාත්තිගෙ වෙන්න ඕනෙ
හැබැයි ඉතින්.,
අම්මි වගේ ලස්සන
හුරතල් දූපැටියෙක්
ඔයා එහෙමයි කිව්වෙ..
ඒ ලස්සන දවස් ගැන
මට කෑ ගහල කියන්න ඕනෙ..
මම ඔයාට ආදරේ කරපු හැටි
ඔයා මට ආදරේ කරපු හැටි
මට කෑ ගහල කියන්න ඕනෙ..
ඒත්.,
ඔයා මාව දාල ගියා කියලා  විතරක්
නොකියා ඉන්න ඕනෙ..

Monday, April 18, 2011

ඇට්ටේරියා මල්

මතකද
අපේ පුංචි බංකුව...
ඔයයි මමයි
ලස්සන උදේ වරුවක
මේ බංකු‍‍වේ ඉදගෙන
පුංචියට දලු දාල නැගිටින 
ඇට්ටේරියා ගහ දිහා බලාගෙන හිටියා...
මේ බංකුව උඩම ඉදගෙන 
පුංචි ඇට්ටේරියා පොට්ටු දිහා 
ආදරෙන් බලාගෙන උන්නා...
ඒ පොහොට්ටු හෙමිහිට දිගෑටිලා
පුංචි මලක් වෙන හැටි.,
ඇට්ටේරියා සුවද එක්ක විදගත්තා
මතකද...
ඇට්ටේරියා මල් අහුරක් අරගෙන 
ඔයා මගෙ මූනට විසිකලා...
එක කාළකන්නි හැන්දෑවක.,
එක දිගට වැහැපු 
අනෝරා වැස්සට.,
පුංචි පුංචි පෙති බිම වැටිල
මඩ වතුරට ගහගෙන ගියා
මතකද...
මතකද මේ බංකුව උඩ
අපි ගොඵ වෙලා බලං හිටියා...
අද...
ඔයයි මමයි මේ බංකුවයි විතරයි
ඔයා අහනවා මාව මතකද කියලා....