Friday, May 13, 2011

ආවර්ඡනා....



සිහිනය හා යතාර්තය අතර වෙනස මගේ කුඩා මනසට නොදැනුනද දගලමින් ගත කල මගේ ලමා කාලයේ මුල්ම දෙදරා යාම සිදුවුයේ ශිෂ්‍යත්වයේ ප්රතිඵල සමගය.නොසිතූ විරෑ ලෙස විභාගය අසමත් වීම මට වඩා අප්පච්චීට බලපෑවේය.එයද එක්තරා විභාගයක්ම පමනක් ලෙස මට දැනුනද මගේ යහලුවන් කොළඹ පාසල් කරා යාමේදී මා ගම්පහ කුඩා පාසලක තනි වූවා යැයි හැගීමක් විසින් මා තනිකර තිබුණි.වඩාත්ම මා සමීපතම මිතුරියකගෙන් වෙන් වීමට සිදුවීම මට දරා ගත නොහැකි විය.


නමුදු එය එක්තරා ආතාරයක මාගේ ඡීවිතයේ හැරවුම් ලක්ෂයක් විය.පාසල් වේදිකාවට ඇදගෙන වැටුනු මා ඉගෙනීමට වඩා ඒ අංශයට යොමු වීමි.විවාද තරග සමිති සමාගම්  කොතනද මම එතනය.ඡීවිතය ඉතා සැහැල්ලුවෙන් ගෙවී ගියේය.ඉගෙනීම යනු පොත පතට හිස ඹබාගෙන සිටීම නොවන බව මා තේරුම් ගතිමි.මට එලෙස පාඩම් කිරීමද නොහැකි බව  මා දනිමි.


අද,මහා දැනුම් ගොන්නක් කුඩා මොලකැටි මනසකට බලෙන් එබ්බ වීමට දරන නිශ්ඵල ක්රියාව ගැන මා දකින කෝනයෙන් ඔබත් දකිනවාදැයි නොදනිමි.මනසකට දරාගත හැකි ප්රමානයක් ඇත.අධ්‍යාපනය ලෙස මා දකිනුයේ පොත පත දැනුම පමනක් නොව බාහිර ක්රියාකාරකම් තුලින් සංවර්ධනය වන පෞර්ෂත්වයද අධ්‍යාපනයේ එක් පැතිකඩක් විය යුතු බව මා විශ්වාස කරමි.
මා තරග වලදී දිනන අවස්ථා වලට වඩා අනන්තවත් පැරදී ඇත්තෙමි.නමුදු මා තව තවත් ඉදිරිපත් වීමි.


ඡීවිතය කියන්නෙ පරාඡයන් හමුවේ නොසැලී සිටීමටය.අද මා පරාඡයන් හමුවේ නොව ප්රශ්න හමුවේ බිය වෙමි.පරාඡය වීමටත් පෙර බිය වෙමි.ඒ ඡීවිතයේ එක් කාලපරිච්චේදයකදී සිදුවු සිදුවීම් දරා ගත නොහැකිවය.


නමුත් අද මා මාගේම අතීතය සිකරන විටදී බොහෝ ප්රශ්න වලට මා මුහුන දුන් අයුරු සිහිවේ.අද මාගේ මානසිකත්වය හා එදා මාගේ මානසිකත්වය හාත්පසින්ම වෙනස්ය.වැරුද්ද මා වෙනස් වීම නොව,එම වෙනස ඍන වෙනසක් වීමය. එයට වගකිව යුත්තේ මා මිස අන්කවරකු නෙවේ.නමුත් බාහිර සමාඡයේ බලපෑම නැතුවාම නොවේ.කෙසේ හෝ මාගේ ඡීවිතය බොහෝ සේ වෙනස් වී ඇත.මා ප්රශ්න හමුවේ පැන දුවන චරිතයක් වී ඇත.ඡීවිතය නැවතත් සොයා ගත යුතුව ඇත.


අද මා එක් දෙයක් ගැන සතුටු වෙමි.මටත් අමතකව වල දමා තිබු මගේ අතීතය මම නිහඩවම ගොඩ ගනිමි.මම මාම වීමට උත්සහ කරමින් සිටිමි....

Thursday, May 12, 2011

මිරිගුවකි නුඹ

තුන්යමේ මම ඉකිගසා හැඩුවා
නුඹ මගෙන් ඈතට යමින් උන්නා
නිහඩ සීතල පාලුවෙන් වෙලිලා
අතරමං වී මං බලා උන්නා


නුඹම ඇවිදින් මගේ නෙතු රවටා
මගෙ හිත පුරා බර අඩි තබා පැන දුවලා
කප්පරක්දුන් පැතුම් මල් අහුලා
තවම වෙහෙසයි නුඹ ගැනම හිතලා



නොලැබෙනා පැතුමකි නුඹ අතීතේ

මිරිගුවකි නුඹ මා වියලි කතරේ
අනන්තය පෙන්වා සැගව රහසේ
නොපෙනෙනා දේදුන්න නුඹ අහසේ


අතීතයෙ දුක් කදුලු බිදු අහුලා
සිනාසෙම් අද ඒ සුසුම් වලදා
යලිත් නුඹ ඇයි ආවෙ මා සොයලා
යන්න නුඹ,මගෙ හිත අගුලු දාලා..




Tuesday, May 10, 2011

.............

එන්න මා හා ඇවිද යන්න
මේ නිමේෂයේ
නුඹෙ දෑසේ පැටලී විදගන්න
ආදරේ
හිරිකඩ වැහි කැට අහුලන්න
වස්සානයේ
නු‍ඹ ඉන්න පෙර සේම
හීන මිට්යාවතේ...


Sunday, May 8, 2011

අකුරට යන්නට....

තාත්තගෙ අතේ එල්ලීගෙන ටික දුරක් යන කොට පොලවෙ අතුරල තිබුන ටයිල් මට මහත්  විනෝදයක් විය.තාත්තගෙ අත ඇතෑරල එක කොටුවකින් අනෙක් කොටුවට කකුල්  මාරුකර කර පැන පැන ගිය හැටි තවමත් මතකය. ප්‍රාථමික ශ්‍රේණිය අනෙක් ගොඩනැගිලි වලින් වෙන් වූයේ විශාල පයින් ගස් තුනකිනි. පසුකලෙක පයින් ගස් තුන ඉන්ටවල් එකට "ගස් මාරු පෙති තෝරු"දමන අපේ ප්රධාන ක්රීඩාමධ්‍යස්ථානය විය.
ප්‍රාථමිකයට වූයේ එක් ගොඩනැගිල්ලක් පමනක් වූ අතර එය තට්‍ටු තුනකින් සමන්විත විය. පහලම තට්ටුවේ එක වසර පංති තුනක්ද,දෙක මානෙල් පංතියද විය.මා වැටී තිබුනේ එක නෙලුම් පංතියටය.අපිටත් අනෙක් අවුරුදු වල මෙන් පංතියට ගැනීමට පෙර කුඩා මල් ඉත්තක් ලබා  දෙන්න ඇතැයි සිතමි.එලෙස චාරිත්රයක් සිදු උනාදයි හරියටම මතක නැතිමුත්,මට මතක ඇති කාලයක සිට එවැනි චාරිත්රයක් සිදු වේ.
ප්‍රථම වතාවට මට චකිතයක් ඇතිවුනා යැයි සිතමි.මා පෙරපාසල් ගියේ මා දන්නා තැනකට  නිසා මට එය අමුත්තක් නොවීය.නමුත් ලමුන් විශාල පිරිසක් මැද අම්මගෙයි අප්පච්චිගෙයි අත ඇතෑරල තනි වෙනව කියන හැගීම ඒ කුඩා මනසට හරියටම නොතේරුනද යම්කිසි හැගීමක් හෝ ඉවක් තිබෙන්නට ඇතැයි සිතමි.නමුත් තනිවීම හරියටම කෙසේදැයි අද මා දනිමි.මා අත්දැක  ඇත්තෙමි.මා පුංචි වුවද මම බය නැති බව නම් කිසිදු බයක් නැතුව කිවහැක.මන්ද මා බය,කුඩා පනුවන්ට හා උස ගොඩනැගිල්ලකට නැග බිම බැලීමටය.
මුලු පංතියම කොල පාටය.කුඩාමේස ටික එක පසකට ගොඩ ගසා තිබූ අතර පුටු පංතිය වටේට තබා තිබුණි.අපිව පුටුවල ඉන්දවූ අතර පංතියේ එක පසක ගසා තිබූ දැල් වල එල්ලීගෙන පංතියට ඔලුව දාගෙන සිටින දෙමාපියන් අතර අම්මවයි අප්පච්චිවයි මට සොයාගත නොහැකිවිය.සමහර විටෙක හොටු පෙරාගෙන අඩන ලමුන් දිහා බලාගෙන සිටීම විනෝදඡනක වූවාදැයි  මතක නැතිමුත් හැමදාම ඇඩීම බලා සිටීමද විනෝදඡනක විය.පසුව එයද විකාරයක් සේ දැනුනද දැන්නම් එය බලාසිටීමට ආසා සිතෙන හුරතලයක් සේ දැනේ.
වහාම ක්රියාත්මක වන පරිදි අපට බැලූන් ලබා දුන් බවනම් හොදට මතකය.මන්ද මාගේ බැලූනය ගැනීමට
ලග සිටි ත්රස්තවාදියා දැරූ නිශ්ථල උත්සහය හොදට මතකය නමුත් බැලූනය ගෙදර යාමට පෙර පිපිරුන
බැවින් තව බැලූමක් අරන්දීමට අම්මාට සිදුවිය.
අපිට සිටි "ටීචර්" ට මම කැමති වීම ගැන අම්මා සතුටු වූවාය.ඊටත් වඩා පාසල් යාම මට විනෝදයක් වීම ගැන  සතුටු වූවාය මන්ද මම ඉතාම මුරණ්ඩු කෙල්ලෙක් වීමය.මම බෑ කිව්වොත් කිව්වාමය.සීනිබෝල වලට හෝ සීනිබෝල ටෝක්ස් වලටහෝ මා නම්මාගත නොහැකිය.නමුත් පාසල් ඡීවිතයේදී මාගේ හැසීරීම් රටා වෙනස්විය.
නැත්නම් දඩබ්බරගති අඩුවිය දවස ගතවූ හැටි හරියටම මතක නැතිමුත් ඡයසිංහ මිස් ඇසූ එක් ප්රශ්නයක් නම් හොදට මතකය.
                              "මගේ දූලා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති??"
එක වසර යනු අනාගතය සැලසුම් කිරීමට තරම් වයසක් නොවුනද එක් එක් ලමුන්ගෙන් අසා මා ලගට පැමිනෙනවිට ඩොක්ටර් කෙනෙක් ටී‍චකෙනෙක් ලෝයර්කෙනෙක් වැනි බොහෝ පිලිතුරු ලැබී තිබුණි.දීමට පිලිතුරක් නොමැතිවුවද  ලෝයර්කෙනෙක් ගැන හැර අනෙක් චරිත ගැන දළ හැගීමක් මා තුළ විය.එයිනුත් එකක් තෝරා ගත යුතුය.
                                             "ඩොක්ටර් කෙනෙක්"
අදද ඡීවිතය තෝරාගැනීම එතරම්ම සරල වුවේ නම් යැයි බොහෝවර මට සිතේ....
මේ මාගේ පලමු වසරේ පලමු දිනයයි.එන්න මාත් එක්ක මතකයන් බෙදාගන්න..

Thursday, May 5, 2011

විත්තිකරුවෝ

පාර අද්දර දමා තිබූ කොඩි තවමත් එලෙසමය.සුලං පහරට ඉබා ගාතේ වැනෙන්නේ 
ගොක්කොල කිහිපයක් පමනි..තවමත් සිදු වූ කිසිවත් සිතා ගත නොහැකිව ඔහේ බලා 
සිටිනවා විනා කරන්නට දෙයක් නැත.කල හැකි නම් කල යුත්තේ කුමක්ද කියාවත් මට 
සිතා ගත නොහැකිය.


අවමංගල්‍යාධාර සමිතියෙන් ලැබුන පුටු කිහිපයද තවමත් ටකරං ගැසූකූඩාරම්තුල ඉබාගාතයේ වැටී ඇත.එක පුටුවකට 
බර දී මූසල නිහැඩියාව දිහා බලාසිටීම තව දුරටත් මට වදයක් නොවුනේ හැගීම් දැනීම් නැමති සංවේදනයන් තව දුරටත් මට අමුත්තෙක්ව සිටි බැවිනි.විටෙක හැඩීමට ඇවැසි මුත් තවමත් ඇස් වල ගල් ගැසුන කදුලු බිංදු මට හඩන්නට එපා යැයි අණ කරනු දැනේ..


'මේකිගේ කාලකන්නි කම'
'කට වහගෙන ඉන්න අම්මේ'
මගේ රත්තරං කොලුවා මරා ගත්තා'
තවත් මොනවද කියනු ඇසුනද එයද මහා අදෝවැඩියක් විය..


'කොච්චර ලස්සනට හිටියද මගේ කොල්ලා' 
නිමේශියි මමයි අපේ පොඩි දූ සුලක්කනයි ගතකල ජීවිතය සරල වුවද ලස්සන ජීවිතයක් විය.
පොඩි කාලේ සිටම කෙල්ල මට වඩා ලෙන්ගතු වූයේ නිමේශ්ටය.
"මගේ දූ අම්මටද අප්පච්චිටද වැඩියෙන් ආදරේ'
'අප්පච්චිට' බොහෝ විට නිමේශ දුවගේ නලල සිබියි
 'චුට්ටක් ඉන්නකෝ මල්ලි බබෙක් ගේනකල්.එතකොට මට නේ ආදරේ" යැයි ප්‍රති උත්ත්‍ර දිමට මමත් පුරුදු වී සිටියද තවත් දරුවෙකු ගැන සිතීමට තරම් ආර්ථිකය ශක්තිමත් නැති බව මමද නිමේශද හොදාකාරවම දැන සිටියෙමු.එබැවින් අපේ එකම දූ සිගිත්ත සුලක්කනය.සුලක්ඛනා දෙව්මිනි නානායක්කාර..
 තාත්තගේ ආදරේ වැඩිකමට තාත්තගේ නමේ කෑල්ලකුත් දැම්මා.." නානායක්කාර" 
"ඔක නවත්ත ගන්න අම්මේ.දැන් දෙස් දෙවොල් තියලා වැඩක් නෑ.නංගිවයි දරුව වයි බලාගන්න ඕනා" ලොකු අයියගේ කට හඩේ කුමන හැගීමක් තිබුනේදැයි මට නොදැනුනි. 
"නංගිවයි ලමයවයි?? .ඔය කාලකන්නි කෙල්ල ගෙටවෙලා දවස් කීයද? කරුමේ තමා.මගේ කොල්ලව මරා ගත්ත."
" අම්මේ.."ලොකු අයියගේ කටහඩ ඊට වැඩිවිය, ම කිසිදු හැගීඉමක් නැතිව ඔහේ බලාගෙන සිටියෙමි.
මගේ උකුලේ හිස හොවාගෙන අඩමින් සිටි කෙල්ල ගෙට ගියද , හිස ඔසවා බැලීමට තරම් හෝ මගේ රත්තරං කොහේද යන්නේ කියා ඇසීමට තරම් හෝ ඇගට පණක් මට නොවුනි.
"අනේ 
රත්තරනේ කතාකරන්න කෝ සුදු දුවේ..සුලක්ඛනා දුවේ...කතා කරන්නකෝ.."ගෙතුලින් ඇසුන චූටි නංගියාගේ මොර ඩීමට මා නැගිට්ටා නොව නැගිටුනාය.


Wednesday, May 4, 2011

හදවතට හොරෙන්......

දෙපා පැටලෙන මාවතේ
ඇවිද යමු සුළගේ
ඒ සුවද පමනක් හොරෙන් අරගෙන
ලැගුම් ගනු රහසේ
මගේ හදමඩලේ....

ඔය නෙතු මුමුනනා කවි කැලුම් සහසින්
හොරෙන් ගෙන එක් කවක සැතපෙන්නම්
සුසුම් සුලගේ පාව විත් රහසින්
නුඹේ පා ලග බිදී මියදෙන්නම්.....