Friday, August 5, 2011

අනේ මන්දා....

මම මාද නොවන එක මොහොතක
නුඹ මගෙන් පැහැර ගෙන ගිය ආදරය
සොයා
හතිවැටුනි...
තවත් ඉකිලන්න
කඳුලු නැති තැන
මම මටම
සිනහවෙන එක් නිමේෂයක
පාලු අඳුරු මුල්ලක
අවසන් ගමන් යන
හදවත
දුටිමි...

Thursday, July 14, 2011

හදිස්සිකාර සමනලයෝ...


වල් වැදුන හිත අසල
පිපී මල් රේණුවක්
කදුලකින් ගෙත්තමව
දිලි දිලී හිනහෙයි....

නුඹ ඇවිත් කලබලෙන්
නෙලන්නට මා හොරෙන්
ඇනී කටු කිනිසි තුඩු
රිදුම් දෙන ඇගිලි තුඩු පිරිමදී....

නොදැන නුඹ තව තවත්
නිදිකුම්බා මලකි මං
කදුලු ගෙන හිනහුනද
ආඩම්බරයි තවම මං....

Monday, June 13, 2011

ආ(ර්)මි ෆෑන්

රාජ්‍ය ලාංචනයෙන් ආපු ලියුමේ තිබුනෙ නම් 10 
වෙනකොට කෑම්ප් එකෙ ඉන්න ඕනෙ කියල.එ හින්දම 11ට විනාඩි 10ක් තියල කෑම්ප් එකට ලං උනා.

සැලියුට් කරල අපිව පිලි අරගෙන S.B. මාමා එවපු ලියුමයි,id එකයි, ෆොටෝ එකයි අරගෙන ඉතින් හිටියා පොලිමෙ..

චූටිකාලෙ දාපු වැඩ කිඩ මතක් වෙලා හෙමීට ඉස්සරහටත් පැන ගත්තලුනෙ මන්. නොමදකින් විතරක් එහෙම පැනලත් පැය 1/2යි, පැයයි, දැකයි, තුනයි, හිටගෙන.එකත් කට්ට අවුවේ.
ඇයි දෙයියනේ මුන්ට තේරෙන්නෙ නැත්ද රෙගිස්ට්‍රේශන් වලට තැන් 3 - 4ක් තිබ්බනම් මෙච්චර දිග පෝලිමක් නෑනෙ කියල.හැබැයි ඕන මගුලක් හෙවන තියෙන තැනක තිබ්බනම් මොකද වෙන්නෙ.මගෙ ලඟ හිටපු කෙල්ලගෙ ස්කින් කලර් එකත් චේන්ජ් වෙනවලුනේ.

ඔන්න ඉතින් මොකක්දෝ මන්දා වාසනාවකට තවත් ඉස්සරහට පැන ගන්න වාසනව ලැබුනා.(නැත්නම් ඉතින් අර තොත්ත බබාලගෙ අදෝනා අහා අහා තමා ඉන්න වෙන්නෙ.)

"ඔය k. siri සර්ගෙ ක්ලාස් ආවද?"
"ඔව්"
"රජිතව දන්නවද"
"ඔව්"
"මාව මතකද"
"ටිකක් විතර මටකයි.මොකක්ද ඉස්කොලෙ?"
"DS ඔයා **** එකෙ නේද!"
"ඔව්"
මට පස්සෙ මතක් උනේ.ඒ බෝයි තමා රජිතව අදුන්වල දුන්නේ.(අනේ මගෙ මතකය) කොහොම හරි ඉතින් මලිත් ට පිං සිද්ද වෙන්න තව සෑහෙන දුරක් පොලිම් පැන්නා.

ඒත් ඉතින් මොනා කරන්නද!ලගටම ෆෝම් එක ගෙනත් දීලා ‍ෆිල් කරන්න කිවුවා.ඉතින් ඉස්සරහා එකාගෙ පිට උඩයි,කකුල් උඩයි තියාගෙන අමරුවෙන් ‍ෆිල් කරල අන්තිමට බාරදුන්නා.කරුමෙට නම් කතා කරන්නෙ මුලින් බාරදුන්න ඇප්ලිකේශන් එකේ ඉදල. (£*%@&+€¤%#)

මෙ වෙලවෙ කාලගුනය විස්තර කරනවනම් දැඩි අකුනු සහිත කාලගුනයක් තමා මගේ හිත ඇතුලෙ තිබුනේ.ඒ මදිවට වතුර වගේ දාඩිය බේරෙනව.දන්න කියන සේරම වචන හැම භාශවකින්ම මතක් කර කර හිටියෙ.

"කැම්පස් යන්න කලින්ම රැග් එක උගන්නනවද මංදා?"
අච්චර කටු දීල දීල තමා මතක් වෙලා තියෙන්නෙ. අපිව වාඩි කරවලා වත් තිබ්බොත් හොදයි කියලා.ඔන්න ඉතින් දඩි බිඩි ගාල පුටුවක් හොයගෙන අපිත් ගාල් කරපු රූම් එකට වෙලා හොදට ඉද ගත්තා.කියලා වැඩක්නෑ ෆෑන් 2ක්ම තිබුනා.

"සර්,ෆෑන් එක දාන්න පුලුවන්ද?"
"ඕවනම් වැඩ කරනවද දන්නෑ නංගි.ආ(ර්)මි ෆෑන්නෙ."
හනේ දෙයියනේ මොන මගුලකට මෙහෙම කෑම්ප් එකකට අවද මංදන්නෑ.එතනත් තැම්බි තැම්බි පැය 1/2ක් විතර හීටරේ හිටියා.ආ(ර්)මි ෆෑන් වලට දුක හිතිලද කොහෙද මෙන්න විනාඩි 45කට විතර පස්සෙ ෆෑන් වැඩ...ඇති යාන්තම්..
"නංගිලා හැමෝම බඩු ටික අරගෙන යමු, ඔයාලව රූම්ස් වලට දාන්න යන්නෙ"

නිදහසේ ෆෑන් එකෙන් වදින හුලං පොදක් වත් විදගන්න නැති හැටි විතරක්..
නොමදකින්...!

Friday, May 13, 2011

ආවර්ඡනා....



සිහිනය හා යතාර්තය අතර වෙනස මගේ කුඩා මනසට නොදැනුනද දගලමින් ගත කල මගේ ලමා කාලයේ මුල්ම දෙදරා යාම සිදුවුයේ ශිෂ්‍යත්වයේ ප්රතිඵල සමගය.නොසිතූ විරෑ ලෙස විභාගය අසමත් වීම මට වඩා අප්පච්චීට බලපෑවේය.එයද එක්තරා විභාගයක්ම පමනක් ලෙස මට දැනුනද මගේ යහලුවන් කොළඹ පාසල් කරා යාමේදී මා ගම්පහ කුඩා පාසලක තනි වූවා යැයි හැගීමක් විසින් මා තනිකර තිබුණි.වඩාත්ම මා සමීපතම මිතුරියකගෙන් වෙන් වීමට සිදුවීම මට දරා ගත නොහැකි විය.


නමුදු එය එක්තරා ආතාරයක මාගේ ඡීවිතයේ හැරවුම් ලක්ෂයක් විය.පාසල් වේදිකාවට ඇදගෙන වැටුනු මා ඉගෙනීමට වඩා ඒ අංශයට යොමු වීමි.විවාද තරග සමිති සමාගම්  කොතනද මම එතනය.ඡීවිතය ඉතා සැහැල්ලුවෙන් ගෙවී ගියේය.ඉගෙනීම යනු පොත පතට හිස ඹබාගෙන සිටීම නොවන බව මා තේරුම් ගතිමි.මට එලෙස පාඩම් කිරීමද නොහැකි බව  මා දනිමි.


අද,මහා දැනුම් ගොන්නක් කුඩා මොලකැටි මනසකට බලෙන් එබ්බ වීමට දරන නිශ්ඵල ක්රියාව ගැන මා දකින කෝනයෙන් ඔබත් දකිනවාදැයි නොදනිමි.මනසකට දරාගත හැකි ප්රමානයක් ඇත.අධ්‍යාපනය ලෙස මා දකිනුයේ පොත පත දැනුම පමනක් නොව බාහිර ක්රියාකාරකම් තුලින් සංවර්ධනය වන පෞර්ෂත්වයද අධ්‍යාපනයේ එක් පැතිකඩක් විය යුතු බව මා විශ්වාස කරමි.
මා තරග වලදී දිනන අවස්ථා වලට වඩා අනන්තවත් පැරදී ඇත්තෙමි.නමුදු මා තව තවත් ඉදිරිපත් වීමි.


ඡීවිතය කියන්නෙ පරාඡයන් හමුවේ නොසැලී සිටීමටය.අද මා පරාඡයන් හමුවේ නොව ප්රශ්න හමුවේ බිය වෙමි.පරාඡය වීමටත් පෙර බිය වෙමි.ඒ ඡීවිතයේ එක් කාලපරිච්චේදයකදී සිදුවු සිදුවීම් දරා ගත නොහැකිවය.


නමුත් අද මා මාගේම අතීතය සිකරන විටදී බොහෝ ප්රශ්න වලට මා මුහුන දුන් අයුරු සිහිවේ.අද මාගේ මානසිකත්වය හා එදා මාගේ මානසිකත්වය හාත්පසින්ම වෙනස්ය.වැරුද්ද මා වෙනස් වීම නොව,එම වෙනස ඍන වෙනසක් වීමය. එයට වගකිව යුත්තේ මා මිස අන්කවරකු නෙවේ.නමුත් බාහිර සමාඡයේ බලපෑම නැතුවාම නොවේ.කෙසේ හෝ මාගේ ඡීවිතය බොහෝ සේ වෙනස් වී ඇත.මා ප්රශ්න හමුවේ පැන දුවන චරිතයක් වී ඇත.ඡීවිතය නැවතත් සොයා ගත යුතුව ඇත.


අද මා එක් දෙයක් ගැන සතුටු වෙමි.මටත් අමතකව වල දමා තිබු මගේ අතීතය මම නිහඩවම ගොඩ ගනිමි.මම මාම වීමට උත්සහ කරමින් සිටිමි....

Thursday, May 12, 2011

මිරිගුවකි නුඹ

තුන්යමේ මම ඉකිගසා හැඩුවා
නුඹ මගෙන් ඈතට යමින් උන්නා
නිහඩ සීතල පාලුවෙන් වෙලිලා
අතරමං වී මං බලා උන්නා


නුඹම ඇවිදින් මගේ නෙතු රවටා
මගෙ හිත පුරා බර අඩි තබා පැන දුවලා
කප්පරක්දුන් පැතුම් මල් අහුලා
තවම වෙහෙසයි නුඹ ගැනම හිතලා



නොලැබෙනා පැතුමකි නුඹ අතීතේ

මිරිගුවකි නුඹ මා වියලි කතරේ
අනන්තය පෙන්වා සැගව රහසේ
නොපෙනෙනා දේදුන්න නුඹ අහසේ


අතීතයෙ දුක් කදුලු බිදු අහුලා
සිනාසෙම් අද ඒ සුසුම් වලදා
යලිත් නුඹ ඇයි ආවෙ මා සොයලා
යන්න නුඹ,මගෙ හිත අගුලු දාලා..




Tuesday, May 10, 2011

.............

එන්න මා හා ඇවිද යන්න
මේ නිමේෂයේ
නුඹෙ දෑසේ පැටලී විදගන්න
ආදරේ
හිරිකඩ වැහි කැට අහුලන්න
වස්සානයේ
නු‍ඹ ඉන්න පෙර සේම
හීන මිට්යාවතේ...


Sunday, May 8, 2011

අකුරට යන්නට....

තාත්තගෙ අතේ එල්ලීගෙන ටික දුරක් යන කොට පොලවෙ අතුරල තිබුන ටයිල් මට මහත්  විනෝදයක් විය.තාත්තගෙ අත ඇතෑරල එක කොටුවකින් අනෙක් කොටුවට කකුල්  මාරුකර කර පැන පැන ගිය හැටි තවමත් මතකය. ප්‍රාථමික ශ්‍රේණිය අනෙක් ගොඩනැගිලි වලින් වෙන් වූයේ විශාල පයින් ගස් තුනකිනි. පසුකලෙක පයින් ගස් තුන ඉන්ටවල් එකට "ගස් මාරු පෙති තෝරු"දමන අපේ ප්රධාන ක්රීඩාමධ්‍යස්ථානය විය.
ප්‍රාථමිකයට වූයේ එක් ගොඩනැගිල්ලක් පමනක් වූ අතර එය තට්‍ටු තුනකින් සමන්විත විය. පහලම තට්ටුවේ එක වසර පංති තුනක්ද,දෙක මානෙල් පංතියද විය.මා වැටී තිබුනේ එක නෙලුම් පංතියටය.අපිටත් අනෙක් අවුරුදු වල මෙන් පංතියට ගැනීමට පෙර කුඩා මල් ඉත්තක් ලබා  දෙන්න ඇතැයි සිතමි.එලෙස චාරිත්රයක් සිදු උනාදයි හරියටම මතක නැතිමුත්,මට මතක ඇති කාලයක සිට එවැනි චාරිත්රයක් සිදු වේ.
ප්‍රථම වතාවට මට චකිතයක් ඇතිවුනා යැයි සිතමි.මා පෙරපාසල් ගියේ මා දන්නා තැනකට  නිසා මට එය අමුත්තක් නොවීය.නමුත් ලමුන් විශාල පිරිසක් මැද අම්මගෙයි අප්පච්චිගෙයි අත ඇතෑරල තනි වෙනව කියන හැගීම ඒ කුඩා මනසට හරියටම නොතේරුනද යම්කිසි හැගීමක් හෝ ඉවක් තිබෙන්නට ඇතැයි සිතමි.නමුත් තනිවීම හරියටම කෙසේදැයි අද මා දනිමි.මා අත්දැක  ඇත්තෙමි.මා පුංචි වුවද මම බය නැති බව නම් කිසිදු බයක් නැතුව කිවහැක.මන්ද මා බය,කුඩා පනුවන්ට හා උස ගොඩනැගිල්ලකට නැග බිම බැලීමටය.
මුලු පංතියම කොල පාටය.කුඩාමේස ටික එක පසකට ගොඩ ගසා තිබූ අතර පුටු පංතිය වටේට තබා තිබුණි.අපිව පුටුවල ඉන්දවූ අතර පංතියේ එක පසක ගසා තිබූ දැල් වල එල්ලීගෙන පංතියට ඔලුව දාගෙන සිටින දෙමාපියන් අතර අම්මවයි අප්පච්චිවයි මට සොයාගත නොහැකිවිය.සමහර විටෙක හොටු පෙරාගෙන අඩන ලමුන් දිහා බලාගෙන සිටීම විනෝදඡනක වූවාදැයි  මතක නැතිමුත් හැමදාම ඇඩීම බලා සිටීමද විනෝදඡනක විය.පසුව එයද විකාරයක් සේ දැනුනද දැන්නම් එය බලාසිටීමට ආසා සිතෙන හුරතලයක් සේ දැනේ.
වහාම ක්රියාත්මක වන පරිදි අපට බැලූන් ලබා දුන් බවනම් හොදට මතකය.මන්ද මාගේ බැලූනය ගැනීමට
ලග සිටි ත්රස්තවාදියා දැරූ නිශ්ථල උත්සහය හොදට මතකය නමුත් බැලූනය ගෙදර යාමට පෙර පිපිරුන
බැවින් තව බැලූමක් අරන්දීමට අම්මාට සිදුවිය.
අපිට සිටි "ටීචර්" ට මම කැමති වීම ගැන අම්මා සතුටු වූවාය.ඊටත් වඩා පාසල් යාම මට විනෝදයක් වීම ගැන  සතුටු වූවාය මන්ද මම ඉතාම මුරණ්ඩු කෙල්ලෙක් වීමය.මම බෑ කිව්වොත් කිව්වාමය.සීනිබෝල වලට හෝ සීනිබෝල ටෝක්ස් වලටහෝ මා නම්මාගත නොහැකිය.නමුත් පාසල් ඡීවිතයේදී මාගේ හැසීරීම් රටා වෙනස්විය.
නැත්නම් දඩබ්බරගති අඩුවිය දවස ගතවූ හැටි හරියටම මතක නැතිමුත් ඡයසිංහ මිස් ඇසූ එක් ප්රශ්නයක් නම් හොදට මතකය.
                              "මගේ දූලා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති??"
එක වසර යනු අනාගතය සැලසුම් කිරීමට තරම් වයසක් නොවුනද එක් එක් ලමුන්ගෙන් අසා මා ලගට පැමිනෙනවිට ඩොක්ටර් කෙනෙක් ටී‍චකෙනෙක් ලෝයර්කෙනෙක් වැනි බොහෝ පිලිතුරු ලැබී තිබුණි.දීමට පිලිතුරක් නොමැතිවුවද  ලෝයර්කෙනෙක් ගැන හැර අනෙක් චරිත ගැන දළ හැගීමක් මා තුළ විය.එයිනුත් එකක් තෝරා ගත යුතුය.
                                             "ඩොක්ටර් කෙනෙක්"
අදද ඡීවිතය තෝරාගැනීම එතරම්ම සරල වුවේ නම් යැයි බොහෝවර මට සිතේ....
මේ මාගේ පලමු වසරේ පලමු දිනයයි.එන්න මාත් එක්ක මතකයන් බෙදාගන්න..