Thursday, July 14, 2011

හදිස්සිකාර සමනලයෝ...


වල් වැදුන හිත අසල
පිපී මල් රේණුවක්
කදුලකින් ගෙත්තමව
දිලි දිලී හිනහෙයි....

නුඹ ඇවිත් කලබලෙන්
නෙලන්නට මා හොරෙන්
ඇනී කටු කිනිසි තුඩු
රිදුම් දෙන ඇගිලි තුඩු පිරිමදී....

නොදැන නුඹ තව තවත්
නිදිකුම්බා මලකි මං
කදුලු ගෙන හිනහුනද
ආඩම්බරයි තවම මං....