Thursday, July 14, 2011

හදිස්සිකාර සමනලයෝ...


වල් වැදුන හිත අසල
පිපී මල් රේණුවක්
කදුලකින් ගෙත්තමව
දිලි දිලී හිනහෙයි....

නුඹ ඇවිත් කලබලෙන්
නෙලන්නට මා හොරෙන්
ඇනී කටු කිනිසි තුඩු
රිදුම් දෙන ඇගිලි තුඩු පිරිමදී....

නොදැන නුඹ තව තවත්
නිදිකුම්බා මලකි මං
කදුලු ගෙන හිනහුනද
ආඩම්බරයි තවම මං....

4 comments:

  1. ඇයි අනේ ඔයා ඔච්චර ගනං? :P

    ReplyDelete
  2. ලස්සනයි...! ආඩම්බරද තාමත් !!!

    ReplyDelete
  3. හරි ආඩම්බරයි නිදිකුම්බා.. ! අහලා තියෙනවද? නිදිකුම්බා ක‍ටු සහිත වුනත් එලුවන් ඒවා කනවලු. පොඩි විහිලුවක් හොඳේ? ලස්සනයි පද පෙළ

    ReplyDelete
  4. අපූරු කවි පේළියක්... ලස්සණයි...

    ReplyDelete