Monday, June 13, 2011

ආ(ර්)මි ෆෑන්

රාජ්‍ය ලාංචනයෙන් ආපු ලියුමේ තිබුනෙ නම් 10 
වෙනකොට කෑම්ප් එකෙ ඉන්න ඕනෙ කියල.එ හින්දම 11ට විනාඩි 10ක් තියල කෑම්ප් එකට ලං උනා.

සැලියුට් කරල අපිව පිලි අරගෙන S.B. මාමා එවපු ලියුමයි,id එකයි, ෆොටෝ එකයි අරගෙන ඉතින් හිටියා පොලිමෙ..

චූටිකාලෙ දාපු වැඩ කිඩ මතක් වෙලා හෙමීට ඉස්සරහටත් පැන ගත්තලුනෙ මන්. නොමදකින් විතරක් එහෙම පැනලත් පැය 1/2යි, පැයයි, දැකයි, තුනයි, හිටගෙන.එකත් කට්ට අවුවේ.
ඇයි දෙයියනේ මුන්ට තේරෙන්නෙ නැත්ද රෙගිස්ට්‍රේශන් වලට තැන් 3 - 4ක් තිබ්බනම් මෙච්චර දිග පෝලිමක් නෑනෙ කියල.හැබැයි ඕන මගුලක් හෙවන තියෙන තැනක තිබ්බනම් මොකද වෙන්නෙ.මගෙ ලඟ හිටපු කෙල්ලගෙ ස්කින් කලර් එකත් චේන්ජ් වෙනවලුනේ.

ඔන්න ඉතින් මොකක්දෝ මන්දා වාසනාවකට තවත් ඉස්සරහට පැන ගන්න වාසනව ලැබුනා.(නැත්නම් ඉතින් අර තොත්ත බබාලගෙ අදෝනා අහා අහා තමා ඉන්න වෙන්නෙ.)

"ඔය k. siri සර්ගෙ ක්ලාස් ආවද?"
"ඔව්"
"රජිතව දන්නවද"
"ඔව්"
"මාව මතකද"
"ටිකක් විතර මටකයි.මොකක්ද ඉස්කොලෙ?"
"DS ඔයා **** එකෙ නේද!"
"ඔව්"
මට පස්සෙ මතක් උනේ.ඒ බෝයි තමා රජිතව අදුන්වල දුන්නේ.(අනේ මගෙ මතකය) කොහොම හරි ඉතින් මලිත් ට පිං සිද්ද වෙන්න තව සෑහෙන දුරක් පොලිම් පැන්නා.

ඒත් ඉතින් මොනා කරන්නද!ලගටම ෆෝම් එක ගෙනත් දීලා ‍ෆිල් කරන්න කිවුවා.ඉතින් ඉස්සරහා එකාගෙ පිට උඩයි,කකුල් උඩයි තියාගෙන අමරුවෙන් ‍ෆිල් කරල අන්තිමට බාරදුන්නා.කරුමෙට නම් කතා කරන්නෙ මුලින් බාරදුන්න ඇප්ලිකේශන් එකේ ඉදල. (£*%@&+€¤%#)

මෙ වෙලවෙ කාලගුනය විස්තර කරනවනම් දැඩි අකුනු සහිත කාලගුනයක් තමා මගේ හිත ඇතුලෙ තිබුනේ.ඒ මදිවට වතුර වගේ දාඩිය බේරෙනව.දන්න කියන සේරම වචන හැම භාශවකින්ම මතක් කර කර හිටියෙ.

"කැම්පස් යන්න කලින්ම රැග් එක උගන්නනවද මංදා?"
අච්චර කටු දීල දීල තමා මතක් වෙලා තියෙන්නෙ. අපිව වාඩි කරවලා වත් තිබ්බොත් හොදයි කියලා.ඔන්න ඉතින් දඩි බිඩි ගාල පුටුවක් හොයගෙන අපිත් ගාල් කරපු රූම් එකට වෙලා හොදට ඉද ගත්තා.කියලා වැඩක්නෑ ෆෑන් 2ක්ම තිබුනා.

"සර්,ෆෑන් එක දාන්න පුලුවන්ද?"
"ඕවනම් වැඩ කරනවද දන්නෑ නංගි.ආ(ර්)මි ෆෑන්නෙ."
හනේ දෙයියනේ මොන මගුලකට මෙහෙම කෑම්ප් එකකට අවද මංදන්නෑ.එතනත් තැම්බි තැම්බි පැය 1/2ක් විතර හීටරේ හිටියා.ආ(ර්)මි ෆෑන් වලට දුක හිතිලද කොහෙද මෙන්න විනාඩි 45කට විතර පස්සෙ ෆෑන් වැඩ...ඇති යාන්තම්..
"නංගිලා හැමෝම බඩු ටික අරගෙන යමු, ඔයාලව රූම්ස් වලට දාන්න යන්නෙ"

නිදහසේ ෆෑන් එකෙන් වදින හුලං පොදක් වත් විදගන්න නැති හැටි විතරක්..
නොමදකින්...!

13 comments:

  1. හික් හික්....රත්ගමයත් ඔය කතාවේ තැන දෙක තුනකදිම ඉන්නවාලු,...ඒවා ඕන කමින් මග අරීවිද දන්නේ නෑ

    ReplyDelete
  2. තව කෙනෙක් ඇත්ත එලි කරන්නයි යන්නෙ.... ඉතින් ඉතින්.

    ReplyDelete
  3. පිනිබිඳු අක්කා: මේ ඇත්තනම් මාරම ෆන්...

    ReplyDelete
  4. rathgamaya,oya me katawe ne

    pini bindu,ikmanata ikmanata katawa dala iwara karanawa.atta terev etakota akkio

    marln,atta malli.e dawas 21nam amataka wenne...

    ReplyDelete
  5. කොහෙද කෑම්ප් එක?...අපේ එකනම් වෙන්න බෑ..ඒකෙ ඔය ජාතියෙ උන් හිටියෙ නෑ ලොල් ලොල් :P :P

    ReplyDelete
  6. k. siri සර්ගෙ ක්ලාස් ආව අයයි..
    DS ගිය අයයි :P :P..
    අනික අපේ එකෙ ආ(ර්)මි ෆෑන් තිබුනෙත් නැ නෙව..
    දියතලාවෙ ෆැන් ඕනි වෙන්නෙ දවල් 1 විතර වෙනකොට තමා ලොල්

    ReplyDelete
  7. ah ekane malli aula..apitanam fan one una.mokada api hitiye boosse..et itn 11,12 kiyanne dawal tama.re neme..:D

    ReplyDelete
  8. හික්෴෴෴෴අපිටත් ඒ වෙලාවට හරි ෆැන් ඕනි උනෙ අපි ගිය හන්දා කාලගුනේ වෙනස් වෙලා කවදාවත් නැතුව ලොල් :P :P
    මේ බූස්සෙ නම් හොල්මන් හිටියලු නෙහ්??
    කට්ටිය රෑ නිදාගත්තෙ නෑලු හොල්මන් ඉන්නවා කියලා :P :P

    ReplyDelete
  9. re 12ta witara 89 marala dapu aya holman karalu.hickz..

    ReplyDelete
  10. මටනම් ආරන්චි උනේ ඔයගොල්ලො එනවා කියලා කවුද උඩකින් පැනලා මැරුනා කියලා :P :P :P

    ReplyDelete
  11. api yanwa kiyalanam daraganna beruwa hitiya.mata pena widihata oyalage camp eke wenna ati ehema merune.

    ReplyDelete
  12. නැ නැ..මට ඔයාලගෙ කෑම්ප් එකෙ කෙනෙක්මනෙ කිව්වෙ..:P :P..එයා බොරු කිව්වා වෙන්න බෑ

    ReplyDelete