Friday, May 13, 2011

ආවර්ඡනා....



සිහිනය හා යතාර්තය අතර වෙනස මගේ කුඩා මනසට නොදැනුනද දගලමින් ගත කල මගේ ලමා කාලයේ මුල්ම දෙදරා යාම සිදුවුයේ ශිෂ්‍යත්වයේ ප්රතිඵල සමගය.නොසිතූ විරෑ ලෙස විභාගය අසමත් වීම මට වඩා අප්පච්චීට බලපෑවේය.එයද එක්තරා විභාගයක්ම පමනක් ලෙස මට දැනුනද මගේ යහලුවන් කොළඹ පාසල් කරා යාමේදී මා ගම්පහ කුඩා පාසලක තනි වූවා යැයි හැගීමක් විසින් මා තනිකර තිබුණි.වඩාත්ම මා සමීපතම මිතුරියකගෙන් වෙන් වීමට සිදුවීම මට දරා ගත නොහැකි විය.


නමුදු එය එක්තරා ආතාරයක මාගේ ඡීවිතයේ හැරවුම් ලක්ෂයක් විය.පාසල් වේදිකාවට ඇදගෙන වැටුනු මා ඉගෙනීමට වඩා ඒ අංශයට යොමු වීමි.විවාද තරග සමිති සමාගම්  කොතනද මම එතනය.ඡීවිතය ඉතා සැහැල්ලුවෙන් ගෙවී ගියේය.ඉගෙනීම යනු පොත පතට හිස ඹබාගෙන සිටීම නොවන බව මා තේරුම් ගතිමි.මට එලෙස පාඩම් කිරීමද නොහැකි බව  මා දනිමි.


අද,මහා දැනුම් ගොන්නක් කුඩා මොලකැටි මනසකට බලෙන් එබ්බ වීමට දරන නිශ්ඵල ක්රියාව ගැන මා දකින කෝනයෙන් ඔබත් දකිනවාදැයි නොදනිමි.මනසකට දරාගත හැකි ප්රමානයක් ඇත.අධ්‍යාපනය ලෙස මා දකිනුයේ පොත පත දැනුම පමනක් නොව බාහිර ක්රියාකාරකම් තුලින් සංවර්ධනය වන පෞර්ෂත්වයද අධ්‍යාපනයේ එක් පැතිකඩක් විය යුතු බව මා විශ්වාස කරමි.
මා තරග වලදී දිනන අවස්ථා වලට වඩා අනන්තවත් පැරදී ඇත්තෙමි.නමුදු මා තව තවත් ඉදිරිපත් වීමි.


ඡීවිතය කියන්නෙ පරාඡයන් හමුවේ නොසැලී සිටීමටය.අද මා පරාඡයන් හමුවේ නොව ප්රශ්න හමුවේ බිය වෙමි.පරාඡය වීමටත් පෙර බිය වෙමි.ඒ ඡීවිතයේ එක් කාලපරිච්චේදයකදී සිදුවු සිදුවීම් දරා ගත නොහැකිවය.


නමුත් අද මා මාගේම අතීතය සිකරන විටදී බොහෝ ප්රශ්න වලට මා මුහුන දුන් අයුරු සිහිවේ.අද මාගේ මානසිකත්වය හා එදා මාගේ මානසිකත්වය හාත්පසින්ම වෙනස්ය.වැරුද්ද මා වෙනස් වීම නොව,එම වෙනස ඍන වෙනසක් වීමය. එයට වගකිව යුත්තේ මා මිස අන්කවරකු නෙවේ.නමුත් බාහිර සමාඡයේ බලපෑම නැතුවාම නොවේ.කෙසේ හෝ මාගේ ඡීවිතය බොහෝ සේ වෙනස් වී ඇත.මා ප්රශ්න හමුවේ පැන දුවන චරිතයක් වී ඇත.ඡීවිතය නැවතත් සොයා ගත යුතුව ඇත.


අද මා එක් දෙයක් ගැන සතුටු වෙමි.මටත් අමතකව වල දමා තිබු මගේ අතීතය මම නිහඩවම ගොඩ ගනිමි.මම මාම වීමට උත්සහ කරමින් සිටිමි....

5 comments:

  1. එළ ඇන්ටි... අන්න එහෙම කරමු...
    ඇන්ටි කිවුවේ විහිලුවට හොදේ.... :P

    ReplyDelete
  2. මං හිතන්නේ බියවීම හරහා අපිව වඩාත් ආරක්ෂාකාරී මාවතක ගමන් කරවීමට හුරු කරවනවා..ඒක ඒ හැටිම නරක දෙයක් නෙවේ...

    බලාගෙන යනකොට මේ කරලා තියෙන්තේ ප්‍රශ්නයකට මුහුණ දෙන ආකාරයේ තවත් ස්වරූපයක් වගේ පේන්නේ නැද්ද..?
    එක එක්කෙනා ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාර තියෙනවා. ඔයා කරන්නෙත් එහෙම දෙයක්..වැදගත් ක්‍රමය නෙවෙයි අවසාන ප්‍රතිඵලය..එහෙම හිතාගෙන යන්න එතකොට ඒ හැටිම අවුලක් නැති වෙයි...

    ReplyDelete
  3. කිසිම ප්‍රශ්නයක් නැතුව ගලාගෙන යන ජිවිතේ කිසිම පලක් නැ..අපිට ඒන ප්‍රශ්නවලට මුන දේන්ඩ.ප්‍රශ්න වලින් පැනලා යන්ඩ එපා.එවගේන් තමන්ගේ ජිවිතයට අත්දැකිම් එකතු කරගන්ඩ බලන්ඩ......

    ReplyDelete
  4. නුබට විතරක් නෙමෙයි සහෝ මටත් එහෙම්මයි .... දැන් දැන් පරාජය ජයග්‍රහනයට වඩා බලාපොරොත්තු අයිති කරගෙන.... ඒත් මොකක්දෝ නොපෙනෙන බලවේගයක් ගැන් විශ්වාසය තියාගෙන ඉන්නවා....
    ජීවිතය කියන්නේ කදුලු වලින් ලස්සන වෙච්ච සුන්දර දෙයක් කියලයි මගෙ හැගීම....
    තව දෙයක් අපි ඉන්නේ වවුලගෙ මගුල් ගෙදර... ල0කාවේ ඉපදුනා නම් ඒකේ අද්යාපන ක්‍රමයත් එක්ක හුරුවෙන්න වෙනවා,.. අපි කැමතිවුනත් අකමැති වුනත්...

    ReplyDelete
  5. ජිවිතය විදිම අපහසුය...ව්දවිම ලෙහෙසිය..
    www.sabithl.blogspot.com

    ReplyDelete