Friday, April 22, 2011

අවසන් ප්රේමය

මට කෑ ගහල කියන්න ඕනෙ
ඔයාගෙයි මගෙයි ප්රේමය ගැන..
අහම්බෙන් අපි හමුවුන හැටි..
මට ලංවෙලා ආදරේ කියපු හැටි..
අපි අපි ගැන කතා කරපු හැටි..
අපිටම කියලා පුංචි අනාගතයක් මවපු හැටි..
පුංචි හුරතල් කෙලිපැටියෙක්.,
ඇස් නම් තාත්තිගෙ වෙන්න ඕනෙ
හැබැයි ඉතින්.,
අම්මි වගේ ලස්සන
හුරතල් දූපැටියෙක්
ඔයා එහෙමයි කිව්වෙ..
ඒ ලස්සන දවස් ගැන
මට කෑ ගහල කියන්න ඕනෙ..
මම ඔයාට ආදරේ කරපු හැටි
ඔයා මට ආදරේ කරපු හැටි
මට කෑ ගහල කියන්න ඕනෙ..
ඒත්.,
ඔයා මාව දාල ගියා කියලා  විතරක්
නොකියා ඉන්න ඕනෙ..

9 comments:

  1. ඕ...... හලිම දුක් බලයි..... පව්ව්ව්ව්..... :'(

    ReplyDelete
  2. සහෝදරීගේ හිතේ ප්‍රේමයෙන් පරාජිත හැගීම් ඇත්ද කියලා හිතෙනවා. මම නම් දකින විදියට ආදරය නම් පරිත්‍යාගයක්, පරිත්‍යාගය හැමවිටම ජයග්‍රහනයක්. ඒත් හිතට පුදුම නිදහසක් දැනේවි හැගීම් හෙමිහිට බ්ලොගයක එල්ලනකොට..ජයවේවා..

    ReplyDelete
  3. කුක්කු පැටියා
    හලිම සෝචනීයයි අලේ

    mrln mallio
    ;(

    යසිත
    ආදරය පරිත්‍යාගයක්. හරි.වේදනාව??? ඒත්, මේ මගේ ජීවිත කථාව නෙමේ

    ReplyDelete
  4. අහන්නත් සන්තෝසයි.ඒත් ඇයි බ්ලොග් පිටුවල විරහවම ගැටගහන්නේ???

    ReplyDelete
  5. yasitha
    mama hitanawa adarayata wada virahawa lassanai kiyala,mokada adaraya beda ganna kenek hitiyata virahawa kiyanne badaganna one deyak wela nisa

    ReplyDelete
  6. හිරු කුමරු
    ow hemadema atta..api akametten ho kemetten ape jevita walata geta gehena charita

    ReplyDelete
  7. “ඔයා මාව දාල ගියා කියලා විතරක්
    නොකියා ඉන්න ඕනෙ..“අම්මෝ මේක නම් හිතට වැදුනා ගොඩක්

    ReplyDelete