Monday, April 25, 2011

තුත්තිරි මල

මා යනෙන මග
පිපී තිබුනා නුඹ
අතීතයේ
එක් සැදෑ වරුවක..
මා ඇවිද ගිය මාවත්වල
නුඹ බලා  ඉන්නවා දුටිමි
මා පා ගැටෙනා හඩ..
ජීවිතයේ එක් හුදකලාවක.,
මලකඩ කෑ මගේ ආත්මය තුලින්
දුටිවෙමි.,
නුඹවම
නුපුරුදු දෑසින්..
නුඹේ විලාප නගන ආත්මයේ
දෝංකාරය විසින් බිද දැමූ
මගේ හදේ දොරගුලු
පාගා දමා නැගිටියද.,
සම්මත රාමුව තුල
නුඹව කොටුකර ගත නොහැකිව
අසම්මතයට ඉකිබිදින මගේ කදුලට
සිනාසෙන නුඹ.,
රාගාග්ගින්න තුල
තව තවත්
අකමැත්තෙන් උවද ඇමිනෙන
නුඹ.,
නුඹයි මගේම
තුත්තිරි මල.....

4 comments:

  1. පියාපත් අහිමි කිරිල්ලි
    ඉගිලෙන්නට මග බලා ඉන්න
    ආදරයි මං සම්මතයෙන් එපිටට
    ලොව දුටුවත් වෑරදි ලෙස අප දෙස..

    ReplyDelete
  2. මෙය කා විසින්, කා හට, කුමන අවස්තාවකදී, කුමක් අරබයා කියන ලද්දක්ද? :D

    ReplyDelete
  3. "ජීවිතයේ එක් හුදකලාවක.,
    මලකඩ කෑ මගේ ආත්මය තුලින්
    දුටිවෙමි., "

    ඒ කෑල්ල නම් මරුවටම ගැළපිලා තියෙනවා !! මලේ මලු ආ !

    ReplyDelete
  4. dinesh,
    ඇත්ත මම ආදරෙයි සම්මතෙන් එපිටට එත් මා සම්මතය තුල හිරවෙලා

    අනුරාධ
    බැරෑරුම් ප්රශ්නක් ඊලග ප්රශ්නය යොමු කරන්න

    කුක්කු පැටියා
    තැන්කූ අනේ

    ReplyDelete