Monday, April 25, 2011

පාපොච්චාරනය....

මම නැහැ කියන්නෑ
බලාපොරොත්තුවක් වුණා මම ඔයාට
මට නැහැ කියන්න බැරිකමක් නෑ
ඒත් මගෙ හිත දන්නවා
මම ඔයාට බලාපොරොත්තු දුන්නා
මම දන්නවා.,
මම ඔයාගෙ ඡීවිතේට ඇතුල් උනා
බලෙන්ම ආවද කියලා දන්නෑ
ඒත්.,
මම ඔයාගෙ ඡීවිතේ උනා
මම නැහැ කියන්නෑ
සමහර වෙලාවට.,
මම ඔයාට ආදරේ හිතුනා
හැමතිසිසෙම නෙමේ
සමහර වෙලාවට..
මට ඔයාව නැතිකර ගන්න බෑ
මට එහෙම හිතනවා.
නෑ.,
මම එහෙම හිතුවා..
ඒත් දැන් ඇවිත් වෙලාව
මට පාපොච්චාරනය කරන්න
මගේ පව් ස‍මාකරගන්න
මට බනින්න
ඔයාට ඇතිතරම්..
ඕනෙනම් ගහන්න..
මට තරහවෙන්න බෑ ඔයාත් එක්ක
ඒත්.,
මට යන්න වෙනවා
මට යන්න වෙනවා ඇය ලගට
ඔයා පුංචි හුස්මක් උනාට
මොහොතකට.,
ඇයයි මගේ ඡීවිතයම
මගේ ආත්මයම..

4 comments:

  1. මේ පාපොච්චාරනේ අක්කුරුගෙම වගේ.. ඒත් වෙනසකට තියෙන්නෙ ඇය කියන චරිතෙ නෑ... ඉන්නෙ එයයි මායි විතරයි. ඒත් යන්න වෙනවා.. ඇස් වලට කදුලු එනවා.. අකුරුවත් ඔහු වත් වැරදි නෑ.. ඒ වගේම වෙන්න ඇති මේ අයත්... ලස්සනයි.....

    ReplyDelete
  2. අකුරු
    ඔව් යන්න වෙනවා දුකයි ඒත් යන්නම වෙනවා තැන්කූ

    ReplyDelete
  3. අක්කන්ඩී
    අනේ දෙවියනේ මගේ කේල්ලත් මෙහෙම කියනවද මාව දා ගිය පසු...
    හැම කෙල්ලෙක්ම මෙහෙම හිතනවඩ හප්පා??

    ඇඩෙනවා

    ජය වේවා

    ReplyDelete