Monday, April 18, 2011

ඇට්ටේරියා මල්

මතකද
අපේ පුංචි බංකුව...
ඔයයි මමයි
ලස්සන උදේ වරුවක
මේ බංකු‍‍වේ ඉදගෙන
පුංචියට දලු දාල නැගිටින 
ඇට්ටේරියා ගහ දිහා බලාගෙන හිටියා...
මේ බංකුව උඩම ඉදගෙන 
පුංචි ඇට්ටේරියා පොට්ටු දිහා 
ආදරෙන් බලාගෙන උන්නා...
ඒ පොහොට්ටු හෙමිහිට දිගෑටිලා
පුංචි මලක් වෙන හැටි.,
ඇට්ටේරියා සුවද එක්ක විදගත්තා
මතකද...
ඇට්ටේරියා මල් අහුරක් අරගෙන 
ඔයා මගෙ මූනට විසිකලා...
එක කාළකන්නි හැන්දෑවක.,
එක දිගට වැහැපු 
අනෝරා වැස්සට.,
පුංචි පුංචි පෙති බිම වැටිල
මඩ වතුරට ගහගෙන ගියා
මතකද...
මතකද මේ බංකුව උඩ
අපි ගොඵ වෙලා බලං හිටියා...
අද...
ඔයයි මමයි මේ බංකුවයි විතරයි
ඔයා අහනවා මාව මතකද කියලා....

16 comments:

  1. බංකුවේ බංකුවේ..
    කෑ ගසා කියාපන්..
    අපේ ඒ අතීතේ..
    හඩ නගා කියාපන්..

    අපි දෙදෙන නැවතිලා..
    නුඹ අසල දැවටිලා..
    හෙමින් ගැයු ගීත වැල්..
    නුඹ නැවත කියාපන්...

    පුංචි ඇට්ටේරියා..
    ගසේ නුඹ හඩාපන්..
    නුඹෙන් ගිලිහී වැටුන..
    මල් නමින් හඩාපන්..

    නුඹේ මල් සුවඳ මැද..
    පෙම් ගීත ගයාළු..
    අප නමින් තව වරක්..
    ගසේ නුඹ හඬාපන්..

    හොඳ ආරම්භයක් නංගි..සුභ පතනවා ඔයාට දිග ගමනක් යන්න...

    ReplyDelete
  2. හරිම ලස්සනයි.... ඇට්ටේරියා මල් වලින් ගැහුවම මාව මැරුණනම් හොදයි කියලා මට හිතුනා. දිගටම ලියන්න අපේ සුභ පැතුම්!!!

    ReplyDelete
  3. ඇට්ටේරියා මල් කිවුවම මටනං මතක් වුනේ හරිම සුන්දර අතීතයක් වුන මගේ පාසල් කාලය. දිගටම ලියන්න ශක්තිය ලැබේවා කියල පතන්නම්!!

    ReplyDelete
  4. මම තාම ඇට්ටේරියා මල දැකලා නෑ... පොඩ්ඩක් ඉන්න ගූගල් මාමගෙන් අහල එනකන්

    ReplyDelete
  5. මාරයාගේ හෝරාව
    තවමත් ආද‍රෙයි
    මම
    මේ ඇට්ටේරියා
    මල් සුවදට
    පුංචි බංකුව උඩට වෙලා
    ආයෙත් විදගන්න
    ඒ ආදරනීදය මල් සුවදම
    ඔයාගෙ උරහිසට ඔලුව තියාන.....

    ReplyDelete
  6. ස්තූතියි මාරයියේ

    ReplyDelete
  7. සංජු ඒ ඇට්ටේරියා මල්
    මා ගාව විසිරිලා යනවා වගේ
    මගේ හීනත් ඔයා විසිරලා දායි කියලා මම හීනෙන්වත්
    හිතුවෙ නෑ සුදු අයියෙ
    ඇත්තටම එදා මම මැරුනනම්....
    ස්තූතියි අක්කේ

    ReplyDelete
  8. සමහර සුවදවල් එක්ක ඇමිනුන මතකයන් හරිම සුනදරයි හරියට පාසල් කාලෙ වගේ
    ස්තූතියි අයියා...

    ReplyDelete
  9. mrln mallio
    Gogle මාම හොයල දුන්නද?

    ReplyDelete
  10. උරහිසත් දෙවන්නම්..
    හිසත් පිරි මදින්නම්..
    ආදරෙන් ලං වෙලා
    සදා කල් රැ‍ඳෙන්නම්..
    ගෙවී ගිය අතීතේ..
    පරව ගිය මල් සුවඳ..
    නුඹ සිතෙන් දුරස් කොට..
    නැවුම් මල් දෙවන්නම්...

    ReplyDelete
  11. අහ් පිටස්ත‍රකාරියෙක් ඇවිදින්. නමුත් කාලයත් එක්ක මිතුදම් ගොඩ නැගෙද්දි අපි අපිට තව දුරටත් පිටස්ත‍රකාරයො වෙන්නෙ නෑ.
    ලස්සන ආරම්භයක්. දිගු ගමනකට මගෙන් සුභ පැතුම්.

    අක්කද නංගිද නොදන්න නිසා කිසිම නමකින් ආමන්ත්‍රනය කලේ නෑ ඕන්. :D

    ReplyDelete
  12. අනුරාධ
    බැඳීම් ඇතිවෙන කොට තවදුරටත් පිටස්තරකාරයො වෙන්නෑ,ඒත් සමහර වෙලාවට අපි අපිටම පිටස්තරකාරයෝ වෙන වෙලාවල් නැත්තෙත් නෑ... පේන විදිහටනම් අයියෙක්.ස්තූතියි අයියා..

    ReplyDelete
  13. ශිහ්..... මේක නම් මාරම මාර නිසඳැසක් !!! ඔන්න කිව්වා විසිල් එකයි බල්ටි දෙකයි !

    ReplyDelete
  14. බංකුවට වෙලා  තුරුල්වෙලා බොලද කථා කෝටියක් කියන්න ඇති.ඒත් ඒ තමයි ආදරය, ජීවිතය  ප්‍රාර්ථනා හීන සේරම ආදරෙත් එක්ක ගලාගෙන යනවා...නියමයි සහෝදරී..

    ReplyDelete
  15. කුක්කු පැටියා
    ඔයානම් සෝයි කුක්කු පැටි‍යෝ.තැන්කූ හොදේ..

    යසියා
    ස්තූතියි සහෝදරයා

    ReplyDelete
  16. ලස්සනයි..හදවතක පතුල ලස්සනට වචනයට හරවලා

    ReplyDelete