Friday, April 29, 2011

නුඹයි

ස්වප්නයක් දෝ
දෑස් නොහැර තදින් පියාගමි
නුඹේ උණුසුම ගිලිහී යන
ඒ නිමේෂය මෙය නොවන්නට..
මගේ නලලත පිස හැමු
ඒ ලෙංගතු ස්නේහයට.,
තුරුල් වෙමි තව තවත්
දෑස් හරින
ක්ෂනයකින්
අතුරුදහන් වී නොයන්නට
ඒ ස්නේහය..
නුඹේ දෑතින් පිරිමදින
මගේ කෙහෙරැලි
අවනත නැතුවා වගේ මටද..
වචනයට බර මදි
නු‍ඹේ ආදරය
දෙතොලින් විදගන්න මට දෙන්න
ඒ උණුසුම..
ඒ සෙනෙහස..
ඒ ආදරය..
නුඹ .,
මටම මගේම නිසාවෙන්
ඉතින් හැරයන්න සුළග.,
නුඹටවත් ඉඩක් නැත
මේ අවකාෂයම මාගේය..

7 comments:

  1. විද ගන්න ඉඩ දෙන්න
    මට මේ මොහොත හිමිහිට
    කරදර කාර සුළග නුඹ යන්න
    තනි කර අප අපේ ලොවක..

    ReplyDelete
  2. ශිහ්.... මේ බ්ලොග් එක නම් ‍රැඩිකල් ගුහාවක් !! එල ආ !

    ReplyDelete
  3. ඔහොම වැට කඩුලු දාන්න ගියොත් කොල්ලා ඉන්නව බොරු.හ්ම්..
    නිසදස හොදයි.ඇත්තටනම් ඔහොම කරන්න එපා.ඔයාටම දුක් වෙන්න වෙයි.

    ReplyDelete
  4. ආ පට්ට පට්ට............

    ReplyDelete
  5. dinesh,
    lassanai aia

    kukku petia,
    redikal???da manda

    his ahasa
    hmmmmmmm...

    sitala aia,
    ane mama weta kadolu dala ne aia.wetakadolu danna tawama dawasak awe nene aia..

    lakshan,
    tankzzzz

    ReplyDelete
  6. මොකෝ මේ

    ReplyDelete