Sunday, May 8, 2011

අකුරට යන්නට....

තාත්තගෙ අතේ එල්ලීගෙන ටික දුරක් යන කොට පොලවෙ අතුරල තිබුන ටයිල් මට මහත්  විනෝදයක් විය.තාත්තගෙ අත ඇතෑරල එක කොටුවකින් අනෙක් කොටුවට කකුල්  මාරුකර කර පැන පැන ගිය හැටි තවමත් මතකය. ප්‍රාථමික ශ්‍රේණිය අනෙක් ගොඩනැගිලි වලින් වෙන් වූයේ විශාල පයින් ගස් තුනකිනි. පසුකලෙක පයින් ගස් තුන ඉන්ටවල් එකට "ගස් මාරු පෙති තෝරු"දමන අපේ ප්රධාන ක්රීඩාමධ්‍යස්ථානය විය.
ප්‍රාථමිකයට වූයේ එක් ගොඩනැගිල්ලක් පමනක් වූ අතර එය තට්‍ටු තුනකින් සමන්විත විය. පහලම තට්ටුවේ එක වසර පංති තුනක්ද,දෙක මානෙල් පංතියද විය.මා වැටී තිබුනේ එක නෙලුම් පංතියටය.අපිටත් අනෙක් අවුරුදු වල මෙන් පංතියට ගැනීමට පෙර කුඩා මල් ඉත්තක් ලබා  දෙන්න ඇතැයි සිතමි.එලෙස චාරිත්රයක් සිදු උනාදයි හරියටම මතක නැතිමුත්,මට මතක ඇති කාලයක සිට එවැනි චාරිත්රයක් සිදු වේ.
ප්‍රථම වතාවට මට චකිතයක් ඇතිවුනා යැයි සිතමි.මා පෙරපාසල් ගියේ මා දන්නා තැනකට  නිසා මට එය අමුත්තක් නොවීය.නමුත් ලමුන් විශාල පිරිසක් මැද අම්මගෙයි අප්පච්චිගෙයි අත ඇතෑරල තනි වෙනව කියන හැගීම ඒ කුඩා මනසට හරියටම නොතේරුනද යම්කිසි හැගීමක් හෝ ඉවක් තිබෙන්නට ඇතැයි සිතමි.නමුත් තනිවීම හරියටම කෙසේදැයි අද මා දනිමි.මා අත්දැක  ඇත්තෙමි.මා පුංචි වුවද මම බය නැති බව නම් කිසිදු බයක් නැතුව කිවහැක.මන්ද මා බය,කුඩා පනුවන්ට හා උස ගොඩනැගිල්ලකට නැග බිම බැලීමටය.
මුලු පංතියම කොල පාටය.කුඩාමේස ටික එක පසකට ගොඩ ගසා තිබූ අතර පුටු පංතිය වටේට තබා තිබුණි.අපිව පුටුවල ඉන්දවූ අතර පංතියේ එක පසක ගසා තිබූ දැල් වල එල්ලීගෙන පංතියට ඔලුව දාගෙන සිටින දෙමාපියන් අතර අම්මවයි අප්පච්චිවයි මට සොයාගත නොහැකිවිය.සමහර විටෙක හොටු පෙරාගෙන අඩන ලමුන් දිහා බලාගෙන සිටීම විනෝදඡනක වූවාදැයි  මතක නැතිමුත් හැමදාම ඇඩීම බලා සිටීමද විනෝදඡනක විය.පසුව එයද විකාරයක් සේ දැනුනද දැන්නම් එය බලාසිටීමට ආසා සිතෙන හුරතලයක් සේ දැනේ.
වහාම ක්රියාත්මක වන පරිදි අපට බැලූන් ලබා දුන් බවනම් හොදට මතකය.මන්ද මාගේ බැලූනය ගැනීමට
ලග සිටි ත්රස්තවාදියා දැරූ නිශ්ථල උත්සහය හොදට මතකය නමුත් බැලූනය ගෙදර යාමට පෙර පිපිරුන
බැවින් තව බැලූමක් අරන්දීමට අම්මාට සිදුවිය.
අපිට සිටි "ටීචර්" ට මම කැමති වීම ගැන අම්මා සතුටු වූවාය.ඊටත් වඩා පාසල් යාම මට විනෝදයක් වීම ගැන  සතුටු වූවාය මන්ද මම ඉතාම මුරණ්ඩු කෙල්ලෙක් වීමය.මම බෑ කිව්වොත් කිව්වාමය.සීනිබෝල වලට හෝ සීනිබෝල ටෝක්ස් වලටහෝ මා නම්මාගත නොහැකිය.නමුත් පාසල් ඡීවිතයේදී මාගේ හැසීරීම් රටා වෙනස්විය.
නැත්නම් දඩබ්බරගති අඩුවිය දවස ගතවූ හැටි හරියටම මතක නැතිමුත් ඡයසිංහ මිස් ඇසූ එක් ප්රශ්නයක් නම් හොදට මතකය.
                              "මගේ දූලා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති??"
එක වසර යනු අනාගතය සැලසුම් කිරීමට තරම් වයසක් නොවුනද එක් එක් ලමුන්ගෙන් අසා මා ලගට පැමිනෙනවිට ඩොක්ටර් කෙනෙක් ටී‍චකෙනෙක් ලෝයර්කෙනෙක් වැනි බොහෝ පිලිතුරු ලැබී තිබුණි.දීමට පිලිතුරක් නොමැතිවුවද  ලෝයර්කෙනෙක් ගැන හැර අනෙක් චරිත ගැන දළ හැගීමක් මා තුළ විය.එයිනුත් එකක් තෝරා ගත යුතුය.
                                             "ඩොක්ටර් කෙනෙක්"
අදද ඡීවිතය තෝරාගැනීම එතරම්ම සරල වුවේ නම් යැයි බොහෝවර මට සිතේ....
මේ මාගේ පලමු වසරේ පලමු දිනයයි.එන්න මාත් එක්ක මතකයන් බෙදාගන්න..

4 comments:

  1. හ්ම්ම්ම්ම්ම්....පොඩි පොඩි හීන කාලයත් එක්ක රැල්ලට ගසාගෙන ගිය හැටි...

    ReplyDelete
  2. අතීතයට ගිය ගමනක්

    ReplyDelete
  3. රත්ගමයා
    ඔව් මොනාකරන්නද?

    ItalyDilan
    මට කලින් කමෙන්ටු වලට රිප්ලයි කරන්න බැරි උනා අයියා ඕන වැරැද්දක් පෙන්නල දෙන්න මම වැරදි හදාගන්න කෙනෙක් ස්තූතියි අයියා

    සීතල අයියා
    :)

    ReplyDelete