Thursday, May 5, 2011

විත්තිකරුවෝ

පාර අද්දර දමා තිබූ කොඩි තවමත් එලෙසමය.සුලං පහරට ඉබා ගාතේ වැනෙන්නේ 
ගොක්කොල කිහිපයක් පමනි..තවමත් සිදු වූ කිසිවත් සිතා ගත නොහැකිව ඔහේ බලා 
සිටිනවා විනා කරන්නට දෙයක් නැත.කල හැකි නම් කල යුත්තේ කුමක්ද කියාවත් මට 
සිතා ගත නොහැකිය.


අවමංගල්‍යාධාර සමිතියෙන් ලැබුන පුටු කිහිපයද තවමත් ටකරං ගැසූකූඩාරම්තුල ඉබාගාතයේ වැටී ඇත.එක පුටුවකට 
බර දී මූසල නිහැඩියාව දිහා බලාසිටීම තව දුරටත් මට වදයක් නොවුනේ හැගීම් දැනීම් නැමති සංවේදනයන් තව දුරටත් මට අමුත්තෙක්ව සිටි බැවිනි.විටෙක හැඩීමට ඇවැසි මුත් තවමත් ඇස් වල ගල් ගැසුන කදුලු බිංදු මට හඩන්නට එපා යැයි අණ කරනු දැනේ..


'මේකිගේ කාලකන්නි කම'
'කට වහගෙන ඉන්න අම්මේ'
මගේ රත්තරං කොලුවා මරා ගත්තා'
තවත් මොනවද කියනු ඇසුනද එයද මහා අදෝවැඩියක් විය..


'කොච්චර ලස්සනට හිටියද මගේ කොල්ලා' 
නිමේශියි මමයි අපේ පොඩි දූ සුලක්කනයි ගතකල ජීවිතය සරල වුවද ලස්සන ජීවිතයක් විය.
පොඩි කාලේ සිටම කෙල්ල මට වඩා ලෙන්ගතු වූයේ නිමේශ්ටය.
"මගේ දූ අම්මටද අප්පච්චිටද වැඩියෙන් ආදරේ'
'අප්පච්චිට' බොහෝ විට නිමේශ දුවගේ නලල සිබියි
 'චුට්ටක් ඉන්නකෝ මල්ලි බබෙක් ගේනකල්.එතකොට මට නේ ආදරේ" යැයි ප්‍රති උත්ත්‍ර දිමට මමත් පුරුදු වී සිටියද තවත් දරුවෙකු ගැන සිතීමට තරම් ආර්ථිකය ශක්තිමත් නැති බව මමද නිමේශද හොදාකාරවම දැන සිටියෙමු.එබැවින් අපේ එකම දූ සිගිත්ත සුලක්කනය.සුලක්ඛනා දෙව්මිනි නානායක්කාර..
 තාත්තගේ ආදරේ වැඩිකමට තාත්තගේ නමේ කෑල්ලකුත් දැම්මා.." නානායක්කාර" 
"ඔක නවත්ත ගන්න අම්මේ.දැන් දෙස් දෙවොල් තියලා වැඩක් නෑ.නංගිවයි දරුව වයි බලාගන්න ඕනා" ලොකු අයියගේ කට හඩේ කුමන හැගීමක් තිබුනේදැයි මට නොදැනුනි. 
"නංගිවයි ලමයවයි?? .ඔය කාලකන්නි කෙල්ල ගෙටවෙලා දවස් කීයද? කරුමේ තමා.මගේ කොල්ලව මරා ගත්ත."
" අම්මේ.."ලොකු අයියගේ කටහඩ ඊට වැඩිවිය, ම කිසිදු හැගීඉමක් නැතිව ඔහේ බලාගෙන සිටියෙමි.
මගේ උකුලේ හිස හොවාගෙන අඩමින් සිටි කෙල්ල ගෙට ගියද , හිස ඔසවා බැලීමට තරම් හෝ මගේ රත්තරං කොහේද යන්නේ කියා ඇසීමට තරම් හෝ ඇගට පණක් මට නොවුනි.
"අනේ 
රත්තරනේ කතාකරන්න කෝ සුදු දුවේ..සුලක්ඛනා දුවේ...කතා කරන්නකෝ.."ගෙතුලින් ඇසුන චූටි නංගියාගේ මොර ඩීමට මා නැගිට්ටා නොව නැගිටුනාය.


11 comments:

  1. දුක හිතෙන විදිහට ටයිප් කරලා... :)

    ReplyDelete
  2. ෆට්ටා.... ඇත්තටම මාරම ෆට්ටා විදිහට ලියලා තියනවා

    ReplyDelete
  3. හිරු කුමරු
    hmmmmmmmmm tankx

    MaRLaN
    takx malli

    ReplyDelete
  4. ගොඩක් ලස්සනයි..
    පොඩි යෝජනාවක්,අකුරු පොඩී වගේ නේද,,අනික අකුරු වල පාට..ටිකක් අමාරුයි කියවන්න...මට පෙනෙන හැටි මම කිවුවේ...

    ReplyDelete
  5. හම්.....මාරය් අක්කියෝ...:)

    ReplyDelete
  6. ItalyDilan
    අයියා දැන් හරි නේ?තව වැරදි තියෙනවානම් පෙන්නලා දෙන්න ‍ස්තූතියි

    තටු සිඳුනු සමනළියක්....
    ස්තූතියි නංගෝ

    ReplyDelete
  7. අක්කන්ඩී...
    අම්මලගෙ ආදරේ විවාහයෙන් පස්සේ කෑදරේකට පෙරලෙන එක මම ගොඩක් තැන් වල දැකලා තියෙනවා...
    හුගාක් දුක හිතෙන කතාවක්..

    ජය වේවා

    ReplyDelete
  8. යසියා
    අනේ මේ මමත් ඔයාගෙ වයස හොදද?
    ස්තූතියි සහෝ....

    ReplyDelete
  9. දන්නේ කොහොමද සහෝ????

    ReplyDelete
  10. පිටස්තරකාරි
    ඔන්න මමත් පස්සෙන් එනෝ ඔයාගේ...(following)

    ReplyDelete
  11. හිතට වදිනවා.නියමෙට කියලා තියෙනවා.එල...

    ReplyDelete