නුඹ මගෙන් ඈතට යමින් උන්නා
නිහඩ සීතල පාලුවෙන් වෙලිලා
අතරමං වී මං බලා උන්නා
නුඹම ඇවිදින් මගේ නෙතු රවටා
මගෙ හිත පුරා බර අඩි තබා පැන දුවලා
කප්පරක්දුන් පැතුම් මල් අහුලා
තවම වෙහෙසයි නුඹ ගැනම හිතලා

මිරිගුවකි නුඹ මා වියලි කතරේ
අනන්තය පෙන්වා සැගව රහසේ
නොපෙනෙනා දේදුන්න නුඹ අහසේ
අතීතයෙ දුක් කදුලු බිදු අහුලා
සිනාසෙම් අද ඒ සුසුම් වලදා
යලිත් නුඹ ඇයි ආවෙ මා සොයලා
යන්න නුඹ,මගෙ හිත අගුලු දාලා..
සෑහෙන්නම දුකයි... :(
ReplyDeleteමිරිගුවකි නුඹ නොසිතුවෙමි මා එදා
ReplyDeleteහදවතේ රදවලා නුඹට පෙම් කලෙමි මා සදා
ඒත් නුඹ මගේ පැතුම් ලොව බිදදා
ගියා මා සිහිනයක උන් විටදි හිනැහිලා..
ඇයි එයාට අවස්තාවක් දෙන්නෙ නැත්තෙ.එයා සමහර විට ඇත්තටම හැදිලා නම් අවස්තාවක් දුන්නට කමක් නෑ(ඇත්තක්නම්) ලස්සනයි....
ReplyDeleteරත්ගමයා
ReplyDeleteහ්ම්
Dinesh
ඹව් අයියා
සීතල අයියා
එයා ගොඩක් පරක්කුයි අයියෙ අද මාව ආදරෙන් බලාගන්න හොද කොල්ලෙක් ඉන්නවා
දුකයි ඒත් මට ආයිත් හැරෙන්න බෑ
අතීතයට අඩන එක මහා විකාරයක්
ReplyDeleteලග ඉන්න ලග ඉන්න අගේ නැති හින්දා
ReplyDeleteටික කලක් වෙන් වෙන්න ඕනයැයි හිතුනා
නුබ නැතිව මුලු ලොවම පාලුවෙන් පිරුනා
නැගිටපන් වස්තුවේ ඔන්න මන් ආවා
ඔය පුන්චි හිත නුබට විතරක් නොවෙයි නම්
කෙලෙසකද අගුලන්නෙ ඇයි එන්න තහනම්
හඩවන්න ලතවෙන්න ආදරය නැතිනම්
රෑ හදට පායන්න තහ0චිද කාගෙන්???
(හැඩි කලා නම් සමාවෙන්න)
Yasiya..
ReplyDeleteAdai mama me cmnt eka dekke.eka lassanai.sthuthiYasiya..
Adai mama me cmnt eka dekke.eka lassanai.sthuthi
දුක හිතෙනවා... :(
ReplyDelete