මම මාද නොවන එක මොහොතක
නුඹ මගෙන් පැහැර ගෙන ගිය ආදරය
සොයා
හතිවැටුනි...
තවත් ඉකිලන්න
කඳුලු නැති තැන
මම මටම
සිනහවෙන එක් නිමේෂයක
පාලු අඳුරු මුල්ලක
අවසන් ගමන් යන
හදවත
දුටිමි...
Friday, August 5, 2011
Thursday, July 14, 2011
හදිස්සිකාර සමනලයෝ...
වල් වැදුන හිත අසල
පිපී මල් රේණුවක්
කදුලකින් ගෙත්තමව
දිලි දිලී හිනහෙයි....
නුඹ ඇවිත් කලබලෙන්
නෙලන්නට මා හොරෙන්
ඇනී කටු කිනිසි තුඩු
රිදුම් දෙන ඇගිලි තුඩු පිරිමදී....
නොදැන නුඹ තව තවත්
නිදිකුම්බා මලකි මං
කදුලු ගෙන හිනහුනද
ආඩම්බරයි තවම මං....
Monday, June 13, 2011
ආ(ර්)මි ෆෑන්
රාජ්‍ය ලාංචනයෙන් ආපු ලියුමේ තිබුනෙ නම් 10
වෙනකොට කෑම්ප් එකෙ ඉන්න ඕනෙ කියල.එ හින්දම 11ට විනාඩි 10ක් තියල කෑම්ප් එකට ලං උනා.
සැලියුට් කරල අපිව පිලි අරගෙන S.B. මාමා එවපු ලියුමයි,id එකයි, ෆොටෝ එකයි අරගෙන ඉතින් හිටියා පොලිමෙ..
චූටිකාලෙ දාපු වැඩ කිඩ මතක් වෙලා හෙමීට ඉස්සරහටත් පැන ගත්තලුනෙ මන්. නොමදකින් විතරක් එහෙම පැනලත් පැය 1/2යි, පැයයි, දැකයි, තුනයි, හිටගෙන.එකත් කට්ට අවුවේ.
ඇයි දෙයියනේ මුන්ට තේරෙන්නෙ නැත්ද රෙගිස්ට්‍රේශන් වලට තැන් 3 - 4ක් තිබ්බනම් මෙච්චර දිග පෝලිමක් නෑනෙ කියල.හැබැයි ඕන මගුලක් හෙවන තියෙන තැනක තිබ්බනම් මොකද වෙන්නෙ.මගෙ ලඟ හිටපු කෙල්ලගෙ ස්කින් කලර් එකත් චේන්ජ් වෙනවලුනේ.
ඔන්න ඉතින් මොකක්දෝ මන්දා වාසනාවකට තවත් ඉස්සරහට පැන ගන්න වාසනව ලැබුනා.(නැත්නම් ඉතින් අර තොත්ත බබාලගෙ අදෝනා අහා අහා තමා ඉන්න වෙන්නෙ.)
"ඔය k. siri සර්ගෙ ක්ලාස් ආවද?"
"ඔව්"
"රජිතව දන්නවද"
"ඔව්"
"මාව මතකද"
"ටිකක් විතර මටකයි.මොකක්ද ඉස්කොලෙ?"
"DS ඔයා **** එකෙ නේද!"
"ඔව්"
මට පස්සෙ මතක් උනේ.ඒ බෝයි තමා රජිතව අදුන්වල දුන්නේ.(අනේ මගෙ මතකය) කොහොම හරි ඉතින් මලිත් ට පිං සිද්ද වෙන්න තව සෑහෙන දුරක් පොලිම් පැන්නා.
ඒත් ඉතින් මොනා කරන්නද!ලගටම ෆෝම් එක ගෙනත් දීලා ෆිල් කරන්න කිවුවා.ඉතින් ඉස්සරහා එකාගෙ පිට උඩයි,කකුල් උඩයි තියාගෙන අමරුවෙන් ෆිල් කරල අන්තිමට බාරදුන්නා.කරුමෙට නම් කතා කරන්නෙ මුලින් බාරදුන්න ඇප්ලිකේශන් එකේ ඉදල. (£*%@&+€¤%#)
මෙ වෙලවෙ කාලගුනය විස්තර කරනවනම් දැඩි අකුනු සහිත කාලගුනයක් තමා මගේ හිත ඇතුලෙ තිබුනේ.ඒ මදිවට වතුර වගේ දාඩිය බේරෙනව.දන්න කියන සේරම වචන හැම භාශවකින්ම මතක් කර කර හිටියෙ.
"කැම්පස් යන්න කලින්ම රැග් එක උගන්නනවද මංදා?"
අච්චර කටු දීල දීල තමා මතක් වෙලා තියෙන්නෙ. අපිව වාඩි කරවලා වත් තිබ්බොත් හොදයි කියලා.ඔන්න ඉතින් දඩි බිඩි ගාල පුටුවක් හොයගෙන අපිත් ගාල් කරපු රූම් එකට වෙලා හොදට ඉද ගත්තා.කියලා වැඩක්නෑ ෆෑන් 2ක්ම තිබුනා.
"සර්,ෆෑන් එක දාන්න පුලුවන්ද?"
"ඕවනම් වැඩ කරනවද දන්නෑ නංගි.ආ(ර්)මි ෆෑන්නෙ."
හනේ දෙයියනේ මොන මගුලකට මෙහෙම කෑම්ප් එකකට අවද මංදන්නෑ.එතනත් තැම්බි තැම්බි පැය 1/2ක් විතර හීටරේ හිටියා.ආ(ර්)මි ෆෑන් වලට දුක හිතිලද කොහෙද මෙන්න විනාඩි 45කට විතර පස්සෙ ෆෑන් වැඩ...ඇති යාන්තම්..
"නංගිලා හැමෝම බඩු ටික අරගෙන යමු, ඔයාලව රූම්ස් වලට දාන්න යන්නෙ"
නිදහසේ ෆෑන් එකෙන් වදින හුලං පොදක් වත් විදගන්න නැති හැටි විතරක්..
නොමදකින්...!
Friday, May 13, 2011
ආවර්ඡනා....
සිහිනය හා යතාර්තය අතර වෙනස මගේ කුඩා මනසට නොදැනුනද දගලමින් ගත කල මගේ ලමා කාලයේ මුල්ම දෙදරා යාම සිදුවුයේ ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල සමගය.නොසිතූ විරෑ ලෙස විභාගය අසමත් වීම මට වඩා අප්පච්චීට බලපෑවේය.එයද එක්තරා විභාගයක්ම පමනක් ලෙස මට දැනුනද මගේ යහලුවන් කොළඹ පාසල් කරා යාමේදී මා ගම්පහ කුඩා පාසලක තනි වූවා යැයි හැගීමක් විසින් මා තනිකර තිබුණි.වඩාත්ම මා සමීපතම මිතුරියකගෙන් වෙන් වීමට සිදුවීම මට දරා ගත නොහැකි විය.
නමුදු එය එක්තරා ආතාරයක මාගේ ඡීවිතයේ හැරවුම් ලක්ෂයක් විය.පාසල් වේදිකාවට ඇදගෙන වැටුනු මා ඉගෙනීමට වඩා ඒ අංශයට යොමු වීමි.විවාද තරග සමිති සමාගම් කොතනද මම එතනය.ඡීවිතය ඉතා සැහැල්ලුවෙන් ගෙවී ගියේය.ඉගෙනීම යනු පොත පතට හිස ඹබාගෙන සිටීම නොවන බව මා තේරුම් ගතිමි.මට එලෙස පාඩම් කිරීමද නොහැකි බව මා දනිමි.
මා තරග වලදී දිනන අවස්ථා වලට වඩා අනන්තවත් පැරදී ඇත්තෙමි.නමුදු මා තව තවත් ඉදිරිපත් වීමි.
ඡීවිතය කියන්නෙ පරාඡයන් හමුවේ නොසැලී සිටීමටය.අද මා පරාඡයන් හමුවේ නොව ප්‍රශ්න හමුවේ බිය වෙමි.පරාඡය වීමටත් පෙර බිය වෙමි.ඒ ඡීවිතයේ එක් කාලපරිච්චේදයකදී සිදුවු සිදුවීම් දරා ගත නොහැකිවය.
නමුත් අද මා මාගේම අතීතය සිකරන විටදී බොහෝ ප්‍රශ්න වලට මා මුහුන දුන් අයුරු සිහිවේ.අද මාගේ මානසිකත්වය හා එදා මාගේ මානසිකත්වය හාත්පසින්ම වෙනස්ය.වැරුද්ද මා වෙනස් වීම නොව,එම වෙනස ඍන වෙනසක් වීමය. එයට වගකිව යුත්තේ මා මිස අන්කවරකු නෙවේ.නමුත් බාහිර සමාඡයේ බලපෑම නැතුවාම නොවේ.කෙසේ හෝ මාගේ ඡීවිතය බොහෝ සේ වෙනස් වී ඇත.මා ප්‍රශ්න හමුවේ පැන දුවන චරිතයක් වී ඇත.ඡීවිතය නැවතත් සොයා ගත යුතුව ඇත.
අද මා එක් දෙයක් ගැන සතුටු වෙමි.මටත් අමතකව වල දමා තිබු මගේ අතීතය මම නිහඩවම ගොඩ ගනිමි.මම මාම වීමට උත්සහ කරමින් සිටිමි....
Thursday, May 12, 2011
මිරිගුවකි නුඹ
තුන්යමේ මම ඉකිගසා හැඩුවා
නුඹ මගෙන් ඈතට යමින් උන්නා
නිහඩ සීතල පාලුවෙන් වෙලිලා
අතරමං වී මං බලා උන්නා
නුඹම ඇවිදින් මගේ නෙතු රවටා
මගෙ හිත පුරා බර අඩි තබා පැන දුවලා
කප්පරක්දුන් පැතුම් මල් අහුලා
තවම වෙහෙසයි නුඹ ගැනම හිතලා
නොලැබෙනා පැතුමකි නුඹ අතීතේ
මිරිගුවකි නුඹ මා වියලි කතරේ
අනන්තය පෙන්වා සැගව රහසේ
නොපෙනෙනා දේදුන්න නුඹ අහසේ
අතීතයෙ දුක් කදුලු බිදු අහුලා
සිනාසෙම් අද ඒ සුසුම් වලදා
නුඹ මගෙන් ඈතට යමින් උන්නා
නිහඩ සීතල පාලුවෙන් වෙලිලා
අතරමං වී මං බලා උන්නා
නුඹම ඇවිදින් මගේ නෙතු රවටා
මගෙ හිත පුරා බර අඩි තබා පැන දුවලා
කප්පරක්දුන් පැතුම් මල් අහුලා
තවම වෙහෙසයි නුඹ ගැනම හිතලා

මිරිගුවකි නුඹ මා වියලි කතරේ
අනන්තය පෙන්වා සැගව රහසේ
නොපෙනෙනා දේදුන්න නුඹ අහසේ
අතීතයෙ දුක් කදුලු බිදු අහුලා
සිනාසෙම් අද ඒ සුසුම් වලදා
යලිත් නුඹ ඇයි ආවෙ මා සොයලා
යන්න නුඹ,මගෙ හිත අගුලු දාලා..
Tuesday, May 10, 2011
.............
එන්න මා හා ඇවිද යන්න
මේ නිමේෂයේ
නුඹෙ දෑසේ පැටලී විදගන්න
ආදරේ
හිරිකඩ වැහි කැට අහුලන්න
වස්සානයේ
නුඹ ඉන්න පෙර සේම
හීන මිට්යාවතේ...
මේ නිමේෂයේ
නුඹෙ දෑසේ පැටලී විදගන්න
ආදරේ
හිරිකඩ වැහි කැට අහුලන්න
වස්සානයේ
නුඹ ඉන්න පෙර සේම
හීන මිට්යාවතේ...
Sunday, May 8, 2011
අකුරට යන්නට....

ප්‍රාථමිකයට වූයේ එක් ගොඩනැගිල්ලක් පමනක් වූ අතර එය තට්ටු තුනකින් සමන්විත විය. පහලම තට්ටුවේ එක වසර පංති තුනක්ද,දෙක මානෙල් පංතියද විය.මා වැටී තිබුනේ එක නෙලුම් පංතියටය.අපිටත් අනෙක් අවුරුදු වල මෙන් පංතියට ගැනීමට පෙර කුඩා මල් ඉත්තක් ලබා දෙන්න ඇතැයි සිතමි.එලෙස චාරිත්‍රයක් සිදු උනාදයි හරියටම මතක නැතිමුත්,මට මතක ඇති කාලයක සිට එවැනි චාරිත්‍රයක් සිදු වේ.
ප්‍රථම වතාවට මට චකිතයක් ඇතිවුනා යැයි සිතමි.මා පෙරපාසල් ගියේ මා දන්නා තැනකට නිසා මට එය අමුත්තක් නොවීය.නමුත් ලමුන් විශාල පිරිසක් මැද අම්මගෙයි අප්පච්චිගෙයි අත ඇතෑරල තනි වෙනව කියන හැගීම ඒ කුඩා මනසට හරියටම නොතේරුනද යම්කිසි හැගීමක් හෝ ඉවක් තිබෙන්නට ඇතැයි සිතමි.නමුත් තනිවීම හරියටම කෙසේදැයි අද මා දනිමි.මා අත්දැක ඇත්තෙමි.මා පුංචි වුවද මම බය නැති බව නම් කිසිදු බයක් නැතුව කිවහැක.මන්ද මා බය,කුඩා පනුවන්ට හා උස ගොඩනැගිල්ලකට නැග බිම බැලීමටය.
මුලු පංතියම කොල පාටය.කුඩාමේස ටික එක පසකට ගොඩ ගසා තිබූ අතර පුටු පංතිය වටේට තබා තිබුණි.අපිව පුටුවල ඉන්දවූ අතර පංතියේ එක පසක ගසා තිබූ දැල් වල එල්ලීගෙන පංතියට ඔලුව දාගෙන සිටින දෙමාපියන් අතර අම්මවයි අප්පච්චිවයි මට සොයාගත නොහැකිවිය.සමහර විටෙක හොටු පෙරාගෙන අඩන ලමුන් දිහා බලාගෙන සිටීම විනෝදඡනක වූවාදැයි මතක නැතිමුත් හැමදාම ඇඩීම බලා සිටීමද විනෝදඡනක විය.පසුව එයද විකාරයක් සේ දැනුනද දැන්නම් එය බලාසිටීමට ආසා සිතෙන හුරතලයක් සේ දැනේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි අපට බැලූන් ලබා දුන් බවනම් හොදට මතකය.මන්ද මාගේ බැලූනය ගැනීමට
ලග සිටි ත්රස්තවාදියා දැරූ නිශ්ථල උත්සහය හොදට මතකය නමුත් බැලූනය ගෙදර යාමට පෙර පිපිරුන
බැවින් තව බැලූමක් අරන්දීමට අම්මාට සිදුවිය.
අපිට සිටි "ටීචර්" ට මම කැමති වීම ගැන අම්මා සතුටු වූවාය.ඊටත් වඩා පාසල් යාම මට විනෝදයක් වීම ගැන සතුටු වූවාය මන්ද මම ඉතාම මුරණ්ඩු කෙල්ලෙක් වීමය.මම බෑ කිව්වොත් කිව්වාමය.සීනිබෝල වලට හෝ සීනිබෝල ටෝක්ස් වලටහෝ මා නම්මාගත නොහැකිය.නමුත් පාසල් ඡීවිතයේදී මාගේ හැසීරීම් රටා වෙනස්විය.
නැත්නම් දඩබ්බරගති අඩුවිය දවස ගතවූ හැටි හරියටම මතක නැතිමුත් ඡයසිංහ මිස් ඇසූ එක් ප්‍රශ්නයක් නම් හොදට මතකය.
"මගේ දූලා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති??"
එක වසර යනු අනාගතය සැලසුම් කිරීමට තරම් වයසක් නොවුනද එක් එක් ලමුන්ගෙන් අසා මා ලගට පැමිනෙනවිට ඩොක්ටර් කෙනෙක් ටීචකෙනෙක් ලෝයර්කෙනෙක් වැනි බොහෝ පිලිතුරු ලැබී තිබුණි.දීමට පිලිතුරක් නොමැතිවුවද ලෝයර්කෙනෙක් ගැන හැර අනෙක් චරිත ගැන දළ හැගීමක් මා තුළ විය.එයිනුත් එකක් තෝරා ගත යුතුය.
"ඩොක්ටර් කෙනෙක්"
අදද ඡීවිතය තෝරාගැනීම එතරම්ම සරල වුවේ නම් යැයි බොහෝවර මට සිතේ....
මේ මාගේ පලමු වසරේ පලමු දිනයයි.එන්න මාත් එක්ක මතකයන් බෙදාගන්න..
Thursday, May 5, 2011
විත්තිකරුවෝ
පාර අද්දර දමා තිබූ කොඩි තවමත් එලෙසමය.සුලං පහරට ඉබා ගාතේ වැනෙන්නේ
ගොක්කොල කිහිපයක් පමනි..තවමත් සිදු වූ කිසිවත් සිතා ගත නොහැකිව ඔහේ බලා
සිටිනවා විනා කරන්නට දෙයක් නැත.කල හැකි නම් කල යුත්තේ කුමක්ද කියාවත් මට
සිතා ගත නොහැකිය.
අවමංගල්‍යාධාර සමිතියෙන් ලැබුන පුටු කිහිපයද තවමත් ටකරං ගැසූකූඩාරම්තුල ඉබාගාතයේ වැටී ඇත.එක පුටුවකට
ගොක්කොල කිහිපයක් පමනි..තවමත් සිදු වූ කිසිවත් සිතා ගත නොහැකිව ඔහේ බලා
සිටිනවා විනා කරන්නට දෙයක් නැත.කල හැකි නම් කල යුත්තේ කුමක්ද කියාවත් මට
සිතා ගත නොහැකිය.
අවමංගල්‍යාධාර සමිතියෙන් ලැබුන පුටු කිහිපයද තවමත් ටකරං ගැසූකූඩාරම්තුල ඉබාගාතයේ වැටී ඇත.එක පුටුවකට
බර දී මූසල නිහැඩියාව දිහා බලාසිටීම තව දුරටත් මට වදයක් නොවුනේ හැගීම් දැනීම් නැමති සංවේදනයන් තව දුරටත් මට අමුත්තෙක්ව සිටි බැවිනි.විටෙක හැඩීමට ඇවැසි මුත් තවමත් ඇස් වල ගල් ගැසුන කදුලු බිංදු මට හඩන්නට එපා යැයි අණ කරනු දැනේ..
'මේකිගේ කාලකන්නි කම'
'කට වහගෙන ඉන්න අම්මේ'
මගේ රත්තරං කොලුවා මරා ගත්තා'
තවත් මොනවද කියනු ඇසුනද එයද මහා අදෝවැඩියක් විය..
'කොච්චර ලස්සනට හිටියද මගේ කොල්ලා'
'මේකිගේ කාලකන්නි කම'
'කට වහගෙන ඉන්න අම්මේ'
මගේ රත්තරං කොලුවා මරා ගත්තා'
තවත් මොනවද කියනු ඇසුනද එයද මහා අදෝවැඩියක් විය..
'කොච්චර ලස්සනට හිටියද මගේ කොල්ලා'
නිමේශියි මමයි අපේ පොඩි දූ සුලක්කනයි ගතකල ජීවිතය සරල වුවද ලස්සන ජීවිතයක් විය.
පොඩි කාලේ සිටම කෙල්ල මට වඩා ලෙන්ගතු වූයේ නිමේශ්ටය.
"මගේ දූ අම්මටද අප්පච්චිටද වැඩියෙන් ආදරේ'
'අප්පච්චිට' බොහෝ විට නිමේශ දුවගේ නලල සිබියි
'චුට්ටක් ඉන්නකෝ මල්ලි බබෙක් ගේනකල්.එතකොට මට නේ ආදරේ" යැයි ප්‍රති උත්ත්ර දිමට මමත් පුරුදු වී සිටියද තවත් දරුවෙකු ගැන සිතීමට තරම් ආර්ථිකය ශක්තිමත් නැති බව මමද නිමේශද හොදාකාරවම දැන සිටියෙමු.එබැවින් අපේ එකම දූ සිගිත්ත සුලක්කනය.සුලක්ඛනා දෙව්මිනි නානායක්කාර..
තාත්තගේ ආදරේ වැඩිකමට තාත්තගේ නමේ කෑල්ලකුත් දැම්මා.." නානායක්කාර"
"ඔක නවත්ත ගන්න අම්මේ.දැන් දෙස් දෙවොල් තියලා වැඩක් නෑ.නංගිවයි දරුව වයි බලාගන්න ඕනා" ලොකු අයියගේ කට හඩේ කුමන හැගීමක් තිබුනේදැයි මට නොදැනුනි.
"නංගිවයි ලමයවයි?? .ඔය කාලකන්නි කෙල්ල ගෙටවෙලා දවස් කීයද? කරුමේ තමා.මගේ කොල්ලව මරා ගත්ත."
" අම්මේ.."ලොකු අයියගේ කටහඩ ඊට වැඩිවිය, ම කිසිදු හැගීඉමක් නැතිව ඔහේ බලාගෙන සිටියෙමි.
මගේ උකුලේ හිස හොවාගෙන අඩමින් සිටි කෙල්ල ගෙට ගියද , හිස ඔසවා බැලීමට තරම් හෝ මගේ රත්තරං කොහේද යන්නේ කියා ඇසීමට තරම් හෝ ඇගට පණක් මට නොවුනි.
"අනේ
රත්තරනේ කතාකරන්න කෝ සුදු දුවේ..සුලක්ඛනා දුවේ...කතා කරන්නකෝ.."ගෙතුලින් ඇසුන චූටි නංගියාගේ මොර ඩීමට මා නැගිට්ටා නොව නැගිටුනාය.
Wednesday, May 4, 2011
හදවතට හොරෙන්......
දෙපා පැටලෙන මාවතේ
ඇවිද යමු සුළගේ
ඒ සුවද පමනක් හොරෙන් අරගෙන
ලැගුම් ගනු රහසේ
මගේ හදමඩලේ....
ඔය නෙතු මුමුනනා කවි කැලුම් සහසින්
හොරෙන් ගෙන එක් කවක සැතපෙන්නම්
සුසුම් සුලගේ පාව විත් රහසින්
නුඹේ පා ලග බිදී මියදෙන්නම්.....
ඇවිද යමු සුළගේ
ඒ සුවද පමනක් හොරෙන් අරගෙන
ලැගුම් ගනු රහසේ
මගේ හදමඩලේ....
ඔය නෙතු මුමුනනා කවි කැලුම් සහසින්
හොරෙන් ගෙන එක් කවක සැතපෙන්නම්
සුසුම් සුලගේ පාව විත් රහසින්
නුඹේ පා ලග බිදී මියදෙන්නම්.....
Friday, April 29, 2011
නුඹයි
ස්වප්නයක් දෝ
දෑස් නොහැර තදින් පියාගමි
නුඹේ උණුසුම ගිලිහී යන
ඒ නිමේෂය මෙය නොවන්නට..
මගේ නලලත පිස හැමු
ඒ ලෙංගතු ස්නේහයට.,
තුරුල් වෙමි තව තවත්
දෑස් හරින
ක්ෂනයකින්
අතුරුදහන් වී නොයන්නට
ඒ ස්නේහය..
නුඹේ දෑතින් පිරිමදින
මගේ කෙහෙරැලි
අවනත නැතුවා වගේ මටද..
වචනයට බර මදි
නුඹේ ආදරය
දෙතොලින් විදගන්න මට දෙන්න
ඒ උණුසුම..
ඒ සෙනෙහස..
ඒ ආදරය..
නුඹ .,
මටම මගේම නිසාවෙන්
ඉතින් හැරයන්න සුළග.,
නුඹටවත් ඉඩක් නැත
මේ අවකාෂයම මාගේය..
දෑස් නොහැර තදින් පියාගමි
නුඹේ උණුසුම ගිලිහී යන
ඒ නිමේෂය මෙය නොවන්නට..
මගේ නලලත පිස හැමු
ඒ ලෙංගතු ස්නේහයට.,
තුරුල් වෙමි තව තවත්
දෑස් හරින
ක්ෂනයකින්
අතුරුදහන් වී නොයන්නට
ඒ ස්නේහය..
නුඹේ දෑතින් පිරිමදින
මගේ කෙහෙරැලි
අවනත නැතුවා වගේ මටද..
වචනයට බර මදි
නුඹේ ආදරය
දෙතොලින් විදගන්න මට දෙන්න
ඒ උණුසුම..
ඒ සෙනෙහස..
ඒ ආදරය..
නුඹ .,
මටම මගේම නිසාවෙන්
ඉතින් හැරයන්න සුළග.,
නුඹටවත් ඉඩක් නැත
මේ අවකාෂයම මාගේය..
Monday, April 25, 2011
තුත්තිරි මල
මා යනෙන මග
පිපී තිබුනා නුඹ
අතීතයේ
එක් සැදෑ වරුවක..
මා ඇවිද ගිය මාවත්වල
නුඹ බලා ඉන්නවා දුටිමි
මා පා ගැටෙනා හඩ..
ජීවිතයේ එක් හුදකලාවක.,
මලකඩ කෑ මගේ ආත්මය තුලින්
දුටිවෙමි.,
නුඹවම
නුපුරුදු දෑසින්..
නුඹේ විලාප නගන ආත්මයේ
දෝංකාරය විසින් බිද දැමූ
මගේ හදේ දොරගුලු
පාගා දමා නැගිටියද.,
සම්මත රාමුව තුල
නුඹව කොටුකර ගත නොහැකිව
අසම්මතයට ඉකිබිදින මගේ කදුලට
සිනාසෙන නුඹ.,
රාගාග්ගින්න තුල
තව තවත්
අකමැත්තෙන් උවද ඇමිනෙන
නුඹ.,
නුඹයි මගේම
තුත්තිරි මල.....
පිපී තිබුනා නුඹ
අතීතයේ
එක් සැදෑ වරුවක..
මා ඇවිද ගිය මාවත්වල
නුඹ බලා ඉන්නවා දුටිමි
මා පා ගැටෙනා හඩ..
ජීවිතයේ එක් හුදකලාවක.,
මලකඩ කෑ මගේ ආත්මය තුලින්
දුටිවෙමි.,
නුඹවම
නුපුරුදු දෑසින්..
නුඹේ විලාප නගන ආත්මයේ
දෝංකාරය විසින් බිද දැමූ
මගේ හදේ දොරගුලු
පාගා දමා නැගිටියද.,
සම්මත රාමුව තුල
නුඹව කොටුකර ගත නොහැකිව
අසම්මතයට ඉකිබිදින මගේ කදුලට
සිනාසෙන නුඹ.,
රාගාග්ගින්න තුල
තව තවත්
අකමැත්තෙන් උවද ඇමිනෙන
නුඹ.,
නුඹයි මගේම
තුත්තිරි මල.....
පාපොච්චාරනය....
මම නැහැ කියන්නෑ
බලාපොරොත්තුවක් වුණා මම ඔයාට
මට නැහැ කියන්න බැරිකමක් නෑ
ඒත් මගෙ හිත දන්නවා
මම ඔයාට බලාපොරොත්තු දුන්නා
මම දන්නවා.,
මම ඔයාගෙ ඡීවිතේට ඇතුල් උනා
බලෙන්ම ආවද කියලා දන්නෑ
ඒත්.,
මම ඔයාගෙ ඡීවිතේ උනා
මම නැහැ කියන්නෑ
සමහර වෙලාවට.,
මම ඔයාට ආදරේ හිතුනා
හැමතිසිසෙම නෙමේ
සමහර වෙලාවට..
මට ඔයාව නැතිකර ගන්න බෑ
මට එහෙම හිතනවා.
නෑ.,
මම එහෙම හිතුවා..
ඒත් දැන් ඇවිත් වෙලාව
මට පාපොච්චාරනය කරන්න
මගේ පව් සමාකරගන්න
මට බනින්න
ඔයාට ඇතිතරම්..
ඕනෙනම් ගහන්න..
මට තරහවෙන්න බෑ ඔයාත් එක්ක
ඒත්.,
මට යන්න වෙනවා
මට යන්න වෙනවා ඇය ලගට
ඔයා පුංචි හුස්මක් උනාට
මොහොතකට.,
ඇයයි මගේ ඡීවිතයම
මගේ ආත්මයම..
බලාපොරොත්තුවක් වුණා මම ඔයාට
මට නැහැ කියන්න බැරිකමක් නෑ
ඒත් මගෙ හිත දන්නවා
මම ඔයාට බලාපොරොත්තු දුන්නා
මම දන්නවා.,
මම ඔයාගෙ ඡීවිතේට ඇතුල් උනා
බලෙන්ම ආවද කියලා දන්නෑ
ඒත්.,
මම ඔයාගෙ ඡීවිතේ උනා
මම නැහැ කියන්නෑ
සමහර වෙලාවට.,
මම ඔයාට ආදරේ හිතුනා
හැමතිසිසෙම නෙමේ
සමහර වෙලාවට..
මට ඔයාව නැතිකර ගන්න බෑ
මට එහෙම හිතනවා.
නෑ.,
මම එහෙම හිතුවා..
ඒත් දැන් ඇවිත් වෙලාව
මට පාපොච්චාරනය කරන්න
මගේ පව් සමාකරගන්න
මට බනින්න
ඔයාට ඇතිතරම්..
ඕනෙනම් ගහන්න..
මට තරහවෙන්න බෑ ඔයාත් එක්ක
ඒත්.,
මට යන්න වෙනවා
මට යන්න වෙනවා ඇය ලගට
ඔයා පුංචි හුස්මක් උනාට
මොහොතකට.,
ඇයයි මගේ ඡීවිතයම
මගේ ආත්මයම..
Friday, April 22, 2011
අවසන් ප්‍රේමය
මට කෑ ගහල කියන්න ඕනෙ
ඔයාගෙයි මගෙයි ප්‍රේමය ගැන..
අහම්බෙන් අපි හමුවුන හැටි..
මට ලංවෙලා ආදරේ කියපු හැටි..
අපි අපි ගැන කතා කරපු හැටි..
අපිටම කියලා පුංචි අනාගතයක් මවපු හැටි..
පුංචි හුරතල් කෙලිපැටියෙක්.,
ඇස් නම් තාත්තිගෙ වෙන්න ඕනෙ
හැබැයි ඉතින්.,
අම්මි වගේ ලස්සන
හුරතල් දූපැටියෙක්
ඔයා එහෙමයි කිව්වෙ..
ඒ ලස්සන දවස් ගැන
මට කෑ ගහල කියන්න ඕනෙ..
මම ඔයාට ආදරේ කරපු හැටි
ඔයා මට ආදරේ කරපු හැටි
මට කෑ ගහල කියන්න ඕනෙ..
ඒත්.,
ඔයා මාව දාල ගියා කියලා විතරක්
නොකියා ඉන්න ඕනෙ..
ඔයාගෙයි මගෙයි ප්‍රේමය ගැන..
අහම්බෙන් අපි හමුවුන හැටි..
මට ලංවෙලා ආදරේ කියපු හැටි..
අපි අපි ගැන කතා කරපු හැටි..
අපිටම කියලා පුංචි අනාගතයක් මවපු හැටි..
පුංචි හුරතල් කෙලිපැටියෙක්.,
ඇස් නම් තාත්තිගෙ වෙන්න ඕනෙ
හැබැයි ඉතින්.,
අම්මි වගේ ලස්සන
හුරතල් දූපැටියෙක්
ඔයා එහෙමයි කිව්වෙ..
ඒ ලස්සන දවස් ගැන
මට කෑ ගහල කියන්න ඕනෙ..
මම ඔයාට ආදරේ කරපු හැටි
ඔයා මට ආදරේ කරපු හැටි
මට කෑ ගහල කියන්න ඕනෙ..
ඒත්.,
ඔයා මාව දාල ගියා කියලා විතරක්
නොකියා ඉන්න ඕනෙ..
Monday, April 18, 2011
ඇට්ටේරියා මල්
මතකද
අපේ පුංචි බංකුව...
ඔයයි මමයි
ලස්සන උදේ වරුවක
මේ බංකුවේ ඉදගෙන
පුංචියට දලු දාල නැගිටින
ඇට්ටේරියා ගහ දිහා බලාගෙන හිටියා...
මේ බංකුව උඩම ඉදගෙන
පුංචි ඇට්ටේරියා පොට්ටු දිහා
ආදරෙන් බලාගෙන උන්නා...
ඒ පොහොට්ටු හෙමිහිට දිගෑටිලා
පුංචි මලක් වෙන හැටි.,
ඇට්ටේරියා සුවද එක්ක විදගත්තා
මතකද...
ඇට්ටේරියා මල් අහුරක් අරගෙන
ඔයා මගෙ මූනට විසිකලා...
එක කාළකන්නි හැන්දෑවක.,
එක දිගට වැහැපු
අනෝරා වැස්සට.,
පුංචි පුංචි පෙති බිම වැටිල
මඩ වතුරට ගහගෙන ගියා
මතකද...
මතකද මේ බංකුව උඩ
අපි ගොඵ වෙලා බලං හිටියා...
අද...
ඔයයි මමයි මේ බංකුවයි විතරයි
ඔයා අහනවා මාව මතකද කියලා....
Subscribe to:
Posts (Atom)